logo
MOE
  • அமைச்சு
  • மாணவர்கள்
  • கல்வியாளர்கள்
  • தொடர்புகளுக்கு

MOE

  • அமைச்சு
  • மாணவர்கள்
  • கல்வியாளர்கள்
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Ministry News
  • 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි
வியாழக்கிழமை, 10 டிசம்பர் 2020 / Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි

මෙවර පැවැත්වූ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව, සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු  අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලැබේ.

අද සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත. මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5 මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිළයේ ලබා දී තිබේ.

අඩු ආදායම්ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා ශිෂ්‍යාධාර ලබාදීමත්, දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා ඇති සියලු සිසුන්ට පහසුකම් සහිත පාසලකට පිවිසීමට අවස්ථාව ලබාදීමත් අරමුණු කරගෙන 1952 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලබයි.  රට තුළ මතු වූ කොවිඩ් අභියෝග හමුවේ වුව ද මෙවර  සාර්ථක ව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට හැකි වූ අතර, විභාගයට පෙනී සිටි සිසුන් 326,264ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවමින් නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලැබූහ.

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව මාර්ගගත වැඩසටහන මේ වන විට දියත් කර අවසන්ව ඇති අතර 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලද සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා මේ වන විට විදුහලපතිවරුන්ට අවස්ථාව ලබා දී ඇත.මේ සඳහා ලබා දී ඇති කාල සීමාව 2020.12.24 දිනෙන් අවසන් වන අතර එදින සිට 2020.12.31 දක්වා ඉල්ලුම් කරන ලද පාසල් සංශෝධනය කිරීමට පමණක් අවස්ථාව සැලසෙනු ඇත.

මෙම සබැඳිය මඟින් අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා පිවිසිය හැකි ය. https://g6application.moe.gov.lk/#/

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 537
  • 539
  • Aesthetic – Tamil
  • commerce
  • Competitions
  • Educational Publications Advisory Board
  • Human Resource Development
  • Human Resource Development
  • Mathematics Branch
  • Ministry News
  • Parents News
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Parents Special Notices
    • Students Special Notices
  • Uncategorized @ta
  • கொள்முதல் அறிவிப்புகள்
  • கொள்முதல் கோரல் அறிவிப்புகள்
  • செய்தி
    • கல்வியாளர்கள் செய்திகள்
    • மாணவர்கள் செய்திகள்
  • විද්‍යා ශාඛාව

Recent Notices & News

  • நாட்டின் தேசிய மற்றும் மாகாணப் பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூலமான ஆசிரியர் வெற்றிடங்களுக்காக அரச சேவையிலுள்ள பட்டதாரிகளை இலங்கை ஆசிரியர் சேவைக்கு சேர்த்துக்கொள்வதற்கான போட்டிப் பரீட்சை – 2023

    மேற்படி போட்டிப் பரீட்சைக்கான விண்ணப்பங்கள் கோர...
  • All Island Schools Bharatha Natyam Competition 2022 Final Results

    All Island Schools Bharatha Natyam Competition ...
  • 2023 වර්ෂයේ පාසල් පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සහ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන

    2023 වර්ෂයේ පාසල් පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිස...
  • To promote the spoken English language skills of students studying in the first key stage (grades 1 and 2) in schools.

    To promote the spoken English language skills o...
  • A/L physics Model Paper

    A/L physics MCQ Model Paper A/L physics MCQ Mod...

Archives

  • ஜனவரி 2023
  • டிசம்பர் 2022
  • நவம்பர் 2022
  • அக்டோபர் 2022
  • செப்டம்பர் 2022
  • ஆகஸ்ட் 2022
  • ஜூலை 2022
  • ஜூன் 2022
  • மே 2022
  • ஏப்ரல் 2022
  • மார்ச் 2022
  • பிப்ரவரி 2022
  • ஜனவரி 2022
  • டிசம்பர் 2021
  • நவம்பர் 2021
  • அக்டோபர் 2021
  • செப்டம்பர் 2021
  • ஆகஸ்ட் 2021
  • ஜூலை 2021
  • ஜூன் 2021
  • மே 2021
  • ஏப்ரல் 2021
  • மார்ச் 2021
  • பிப்ரவரி 2021
  • ஜனவரி 2021
  • டிசம்பர் 2020
  • நவம்பர் 2020
  • அக்டோபர் 2020
  • செப்டம்பர் 2020
  • ஆகஸ்ட் 2020
  • ஜூலை 2020
  • ஜூன் 2020
  • மே 2020
  • மார்ச் 2020

கல்வி அமைச்சு
இசுருபயா,
பத்தரமுல்லை
10120 இலங்கை..

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

அழைப்பு 1929

தேசிய

குழந்தை வரி

அழைப்பு 1988


தேசிய
செயல்பாடு

மின்னஞ்சல்



உள்நுழைக

  • எம்மைப்பற்றி
  • கேள்வி/பதில்
  • தொடர்புகளுக்கு
  • தள வரைபடம்

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP