logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ඇතුළත් කරන පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා ඉදිරියේ දී සිසුන් ඇතුළත් කරන්නෙ නෑ…
අඟහරුවාදා, 06 සැප්තැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ඇතුළත් කරන පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා ඉදිරියේ දී සිසුන් ඇතුළත් කරන්නෙ නෑ…

හොඳ ම අධ්‍යාපනයක් සහිත ෆින්ලන්තයේ ලබාගන්න අපහසු ම වෘත්තීය, ගුරු වෘත්තියයි.. – නුපුහුණු, වැඩි වයස් උපාධිධාරීන් මෙරට ගුරු සේවයට බඳවා නොගැනේ… අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා. ලොව අංක එකේ අධ්‍යාපන ක්‍රමය පවතින ෆින්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ අනුව එරට පුද්ගලයකුට ලබාගැනීමට අපහසු ම වෘත්තිය, ගුරු වෘත්තියයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ පවත්වා අවුරුදු 4ක විශිෂ්ට පුහුණුවකින් අනතුරු ව, පත් වන ගුරුවරයා කෙරෙහි ෆින්ලන්තයේ දෙමාපියෝ පූර්ණ විශ්වාසය තබති. එරට 1 සිට 9 දක්වා ශ්‍රේණිවල දරුවන්ට කිසි දු පොදු විභාගයක් නොපැවැත්වෙයි. සිය දරුවන් ගුරුවරයාගේ අධීකෂණ භාරයට පත් කරන දෙමාපියන් ගුරුවරයාගේ ඇගයීමෙන් පමණක් 100%ක් සෑහීමකට පත් වන අතර පෞද්ගලික විශේෂතා නොදක්වා දරුවන්ගේ අඩුපාඩු සකසමින් වැඩියෙන් වැඩ කර නිසි වගවීමෙන් හා සමානාත්මතාවෙන් කටයුතු කරන ගුරුවරයා, දෙමාපියන්ගේ විශ්වාසයට බඳුන් වී තිබේ. සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය තුළ ද විභාග, පරීක්ෂණ පැවැත්වීම දරුවන්ට පමණක් සීමා නොකර, වාර්ෂික ව ගුරුවරුන්ගේ කාර්යසාධනය ද මැන බැලීම විශේෂත්වයකි. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අදහස් පළ කළේ, නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යනායිකා නිළ ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, දේශපාලනඥයන්ගේ ද කාර්ය සාධනය මැන බැලිය යුතු බවයි. පසුගිය කාලයේ ජනතාව ඒ වෙනුවෙන් අරගල කළ බවත් පවත්නා ක්‍රමය වෙනස් වී ඒ ඔස්සේ සමාජය ඉදිරියට පියමං කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ඉදිරියේ දී මෙරට අධ්‍යාපන රටාව තුළ අත්‍යවශ්‍ය සාධනීය පියවරක් තබමින් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසි දු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකිරීමට තමන් අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදු වන බලවත් අසාධාරණය වැලැක්විය යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි. එහෙත් දෙමාපියන්ට අවශ්‍ය 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් ඒ තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මෑත දී මෙරට රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 53,000ක් අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ක ප්‍රමාණය පිළිබඳ ව ද මෙහි දී අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. එයින් වැඩි පිරිසක් වැඩි පඩි සහිත ගුරු වෘත්තියට ඇතුළත් වීමට උත්සුක වුවත් නිසි ගුරු පුහුණුවක් රහිත ව, තරග විභාග නොපවත්වා, ව්‍යවස්ථානුකූල වයස ඉක්මවමින් ගුරුවරුන් බඳවාගැනීම නුසුදුසු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. විද්‍යාපීඨවල පුහුණුවට බඳවාගන්නේ උසස් පෙළ සමත් අවුරුදු 19, 20 වයස්වල තරුණ පිරිස් වන අතර අවුරුදු 45 වයසේ උපාධිධාරීන් බඳවාගෙන පුහුණු කිරීම ඵලදායීතාවෙන් අඩු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය, ලක්ෂ අසූවක් වූ දෙමාපියන් හා හතලිස් එක් ලක්ෂයක සිසුන් සහිත සමස්ත රටට ම බලපාන තත්වයක් බැවින් යාවත්කාලීන වන දැනුම ඔස්සේ ඉදිරියට නොගොස් නිපුණ මානව සම්පත් සහිත ගුණාත්මක සංවර්ධනයක් නොමැති ව නාම පුවරුවෙන් පමණක් ජාතික වී ජාතික මට්ටමට ජාතික පාසල් ගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා පැවසී ය. ගුණාත්මක අධ්‍යාපනයේ දී දරුවන් මන්ද පෝෂණයෙන් වලක්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා දරුවන් සඳහා ඇමරිකාවෙන් දුන් වියළි ආහාර ටොන් 3,000ක ප්‍රදානය ලබාගත් අවස්ථාව සිහිපත් කරමින්, දේශපාලන පම්පෝරි ගසමින් නොසිට කුමන හෝ කැපවීමක් සිදු කර දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කටයුතු කිරීම තම අපේක්ෂාව බව පැවසී ය. මෙවර පෙළපොත් මුද්‍රණයට ද පසුගිය වසරවල වැය වූ මුදල මෙන් හතර ගුණයක් ඉක්මවා දැරීමට සිදු ව ඇති බවත් වෙහෙසකර ආයාසයකින් පසු ඊට අවශ්‍ය ද්‍රව්‍ය මේ වන විට ලබාගෙන ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP