logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Uncategorized @si
  • 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබ්හි දී.
සිකුරාදා, 29 අප්‍රේල් 2022 / Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබ්හි දී.

කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් මැතිනියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය 27 දින (2022 අප්‍රේල්) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය.​

“කොවිඩ්-19 වසංගතයෙන් පසු ව නවෝත්පාදන, වැඩ ලෝකය සහ තිරසාර සංවර්ධනය උදෙසා අධ්‍යාපන සංවර්ධනය” යන තේමාව මුල් කරගනිමින් පැවති මෙවර සමුළුවේ දී එහි සමාරම්භක උළෙල අමතා දකුණු ආසියාව නියෝජනය කරමින්, ඣඪෂෘ-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්වය, අභියෝග, උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

මෙහි දී ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය, ඣඪෂෘ-19 වසංගතයෙන් පසු වඩාත් ශක්තිමත් ව නැවත ගොඩනැගීම සහ මූල්‍ය අර්බුද, දේශගුණික විපර්යාස, වසංගත වැනි අනපේක්ෂිත ව්‍යසනකාරී සහ අර්බුදකාරී තත්ත්ව හමුවේ වුව ද, සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් හා ඔරොත්තු දීමේ හැකියාව සහිත ව අධ්‍යාපන පද්ධතිය ගොඩනැංවීමේ කාලීන අවශ්‍යතාව මෙන් ම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව ද සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා සහ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන), ආචාර්ය මදුරා එම්. වේහැල්ල මහත්මිය ද මෙම මාර්ගගත සම්මේලනය සඳහා සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP