logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2024 වසරේ සිට 6-13 දක්වා සියලු ශේණිවල විෂයමාලා යාවත්කාලීන කරනවා – 8 ශේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සාකච්ඡා
සඳුදා, 13 පෙබරවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2024 වසරේ සිට 6-13 දක්වා සියලු ශේණිවල විෂයමාලා යාවත්කාලීන කරනවා – 8 ශේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සාකච්ඡා

-අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කෘත්‍රීම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බවත් තොරතුරු තාක්ෂණ විෂයත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ දෙවන වරටත් කොළඹදී පැවත්වූ හුආවේ (Huawei) තොරතුරු තාක්ෂණ (ICT) තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට එක් වෙමින්ය.

එමෙන් ම මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුවත් සමග බැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූල ව ඉහළ නැංවිය යුතු බවත් උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු බවත් ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු බවත් පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
අප හා සම මට්ටමේ රටවල් මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 10ක් පමණ අපට වඩා ඉදිරියෙන් සිටින අතර 21 වන සියවසේ 3 වන දශකයේ සිට ආපසු 20 වෙනි සියවසට අපට යා නොහැකි නිසා ඉදිරි වසර පහේ දී අනිවාර්ය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් කරා යෑමේ ඉලක්කය අප සපුරා ගත යුතු බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පවසයි.
මෙම අවස්ථාවට BOI සභාපති දිනේෂ් වීරක්කොඩි, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ටාඕ ගුවාන්ග් (Tao Guang) යන මහත්වරු ද එක්වූහ.

    Search

    Search
    Generic filters
    Exact matches only

    Notices & News Categories

    • School Census 2021 – Census Materials
    • Uncategorized @si
      • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
    • තරඟ
    • පර්යේෂණ හා සංවර්ධන
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • පුවත්
      • අමාත්‍යාංශ පුවත්
      • ශාස්ත්‍රීය පුවත්
      • ශිෂ්‍ය පුවත්
    • මානව සම්පත් සංවර්ධන
    • වාණිජ හා ව්‍යාපාර
    • විද්‍යා ශාඛාව
    • විශේෂ දැන්වීම්
      • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
      • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
      • සිසුන්ගේ විශේෂ දැන්වීම්
    • සෞන්දර්ය අධ්‍යාපනය
    • සෞන්දර්යය අධ්‍යාපනය

    Recent Notices & News

    • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

      විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
    • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

          මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
    • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

      අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
    • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

      ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
    • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

      සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

    Archives

    • මාර්තු 2023
    • පෙබරවාරි 2023
    • ජනවාරි 2023
    • දෙසැම්බර් 2022
    • නොවැම්බර් 2022
    • ඔක්තෝබර් 2022
    • සැප්තැම්බර් 2022
    • අගෝස්තු 2022
    • ජූලි 2022
    • ජූනි 2022
    • මැයි 2022
    • අප්‍රේල් 2022
    • මාර්තු 2022
    • පෙබරවාරි 2022
    • ජනවාරි 2022
    • දෙසැම්බර් 2021
    • නොවැම්බර් 2021
    • ඔක්තෝබර් 2021
    • සැප්තැම්බර් 2021
    • අගෝස්තු 2021
    • ජූලි 2021
    • ජූනි 2021
    • මැයි 2021
    • අප්‍රේල් 2021
    • මාර්තු 2021
    • පෙබරවාරි 2021
    • ජනවාරි 2021
    • දෙසැම්බර් 2020
    • නොවැම්බර් 2020
    • ඔක්තෝබර් 2020
    • සැප්තැම්බර් 2020
    • අගෝස්තු 2020
    • ජූලි 2020
    • ජූනි 2020
    • මැයි 2020
    • මාර්තු 2020

    අධ්‍යාපන අමාත්‍යාංශය
    ඉසුරුපාය,
    බත්තරමුල්ල
    10120 ශ්‍රී ලංකා

    • +94 112 785141 - 50
    • info@moe.gov.lk
    Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

    අමතන්න 1929

    ජාතික ළමා
    සේවාව

    අමතන්න 1988

    ජාතික
    මෙහෙයුම

    විද්‍යුත් තැපෑල

    ඇතුල්
    වන්න

    • අප ගැන
    • නිතර අසන පැන
    • විමසීම්
    • අඩවි සිතියම

    Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

    TOP