logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සහ 10 ශ්‍රේණියේ සිට 13 දක්වා දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර
බ්‍රහස්පතින්දා, 18 මැයි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සහ 10 ශ්‍රේණියේ සිට 13 දක්වා දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර

නියමු වැඩසටහන පාසල් 20කින් ජූනි මාසයේ දී

ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


ඒ මහතා මේ බව පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.


එමෙන් ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතර ව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල් ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී ඒ තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව මේ වර්ෂයේ දී 2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේ දී ම දීපව්‍යාප්ත ව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලක ම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීන වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් ඒ මහතා පැවසී ය. මෙරට සිසුන් අතර බොහෝ විට ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත හා වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණ ද ඉංග්‍රීසි බසින් යමක් අන්‍යයන්ට පහදා දීමේ දී දක්වන දුර්වල භාවය මෙම වැඩ සටහන් ක්‍රියාවට නැංවීම මගින් වලක්වා ගැනීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.


තවද සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන්ම ඉන් බාහිරවද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම ඔස්සේ බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. ඒ අනුව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා කලාව යන විෂය මූලික කරගෙන ස්ටීම් අධ්‍යාපනය ( STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාත්මක කිරීම මගින් විභාගවලට දිගු කලක් පීඩාකාරී ලෙස සූදානම් වෙමින් වෙහෙසීමට අවශ්‍ය නොවන බවත් වර්ෂාවසාන විභාගවලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය නොවන බවත් එදිනෙදා පන්ති කාමරය තුළ සිදු කෙරෙන ප්‍රායෝගික මොඩ්‍යුලර් ක්‍රම වේදය හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් සිසුන්ට පහසුවෙන් ලද හැකි බවත් හෙතෙම පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP