MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • 520
  • පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත් ඉදිරියේ දී ලබා දෙනවා
බදාදා, 04 ඔක්තෝබර් 2023 / Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත් ඉදිරියේ දී ලබා දෙනවා

– උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක් ඩිජිටල්කරණයට

-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තව දුරටත් වැඩි කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා මේ නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනික ව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩ්‍යුලර් ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය වන බව අවධාරණය කළ අතර ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන් ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරී පුහුණු ගුරුවරුන් බඳවාගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පක්ෂය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද කී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයන් සඳහා උපාධිධාරීන් 5450ක් බඳවා ගැනීමට මේ දිනවල නිවේදන නිකුත් කර ඇතැයි කී අමාත්‍යවරයා ඉන් ජාතික පාසල් සඳහා 1700ක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම බඳවාගනු ලබන බවත් විශ්‍රාමයෑම, රට හැර යාම වැනි හේතු නිසා පළාත් මට්ටමින් මතු වී ඇති ගුරු පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවත් ඉක්බිති රටේ ගුරු ඌනතාව බෙහෙවින් වලක්වාගත හැකි වනු ඇති බවත් පැවසී ය. එසේ ම නව පරිපාලනමය ව්‍යුහය මත පර්ෂද පාසල් සංකල්පය මත පාසල් පර්ෂද තුළ ගුරු තුලනයන් සිදු කරගැනීම මගින් යම් ගුරු හිඟයක් වෙතොත් එය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාසල් විනය යථාවත් කර පවත්වාගෙන යාම ගැන ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා ලබන වසර වන විට උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක පමණ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ද සිදු කර අවසන් කරන බවත් කියා සිටියේ ය.

එසේ ම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024

    චක්‍රලේඛය ජාතික පාසල් ලිපිය ජාතික පාසල් ඇමුණුම්...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අ.පො.ස. (උ.පෙළ) විෂයානුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ව්‍යාපාර අධ්‍යයනය

    හැඳින්වීම සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර සිංහල මාධ්...
  • ’ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ක්ෂේත්‍රයේ බොහෝ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකියි’

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...

Archives

  • දෙසැම්බර් 2023
  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP