logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් ව භාවිතයට ගන්නවා
සඳුදා, 21 නොවැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් ව භාවිතයට ගන්නවා

තාක්ෂණය සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යාවශ්‍යයි.

        තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පවසයි. තව ද  එසේ නොවීමෙන් වේගයෙන් ඉදිරියට යන සමාජය තුළ පන්ති පරතරය වඩාත් පුළුල් වී අනාගත රැකියා ලෝකය එක්තරා පිරිසකට පමණක් සිමා වීම නොවැළැක්විය හැකි බවත් එවිට  මංමාවත් පුරා නිමක් නොමැති අරගල මතුවීම සාමාන්‍ය සංසිද්ධියක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

         අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනේ සමාරම්භයට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක් වෙමිණි.

දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ මේ සඳහා තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල  ප්‍රාථමික අංශයේ පළමු පංතියට උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සිදු කරනු ලැබේ. පළාත්‍බඳව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණුකිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව  භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඉතා සැලසුම් සහගත ව මෙරටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දුන්න ද එහි ක්‍රමික විකසනයක් දක්නට නොලැබීම ප්‍රධාන ගැටලුවක් බවයි. අද වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් අපට සමාන රටවල් පවා අධ්‍යාපනයෙන් ඉදිරියට ගොස් සිටින අතර දීර්ඝ කාලීන ක්‍රමික වර්ධනයත් සමඟ ෆින්ලන්තය වැනි රටවල් වඩාත් ඉදිරියට ගොස් මනා සිසු-ගුරු-දෙගුරු සහයෝගීතාවක් පවත්වා ගනිමින්, ගුරුවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින්, විභාග බර අඩු අඛණ්ඩ ඇගයිම් ක්‍රමයට කුසලතා මැන බැලෙන සාධනීය අධ්‍යාපනයක් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. එවැනි පරිවර්තනීය වෙනසකට අප ගමන් කළ යුතු වන්නේ කොවිඩ් ව්‍යසනයේ පසුබෑමත් සමඟ විවිධ පර්යේෂණ, සමීක්ෂණ සිදු කරමින් මත්ද්‍රව්‍ය වැනි කාලීන ව්‍යසන ජයගනිමින් අණපනත් සංශෝධනය කරමින් විෂයසමගාමී ක්‍රියාකාරකම් වෘත්තීය මාර්ගෝපදේශන, දිවා අහාර වැඩසටහන් වැනි කටයුතු අතර සමබර ඉදිරි ගමනක් සමඟින් බව හෙතෙම පැවසී ය. මේ සියලු කාර්යන් සඳහා ජාත්‍යන්තර සන්නිවේදන කුසලතා වර්ධනයට ඉවහල් වන ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනය ප්‍රමුඛ කාර්යයක් සේ සලකන බව ද ඔහු පැවසී ය. සෑම වෘත්තියක ම රඳාපැවැත්ම පවතින්නේ යාවත්කාලීනවීම මත බවත් අමාත්‍යවරයා සදහන් කළේ ය. ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණියට එන විට දරුවන්ට චකිතයකින් තොර ව ඉංග්‍රීසි බසින් සන්නිවේදනයේ යෙදීමේ පුහුණුව ලැබෙන බවත් සමාජය තුළ ද අනවශ්‍ය වියරණ, උච්චාරණ, රීති, මතවාද ඉවත ලා සන්නිවේදනයට මූලිකත්වය දීමට අවධානය යොමු විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. තවද 2023 වසරේ පළමු වාරයේ සිට ම පළමු ශ්‍රේණියේ ළමුන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් ව භාවිතයට ගැනීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න, ඉංග්‍රීසි හා විදේශ භාෂා ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ නිමාලි අනූෂා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP