logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2023 වසරේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර
බ්‍රහස්පතින්දා, 08 සැප්තැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2023 වසරේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර

2023 වසරේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර

  • අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත තාක්ෂණයත් සමග ඉදිරියට යෑමේ දී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව, අත්‍යවශ්‍ය බවත් ඒ එම ප්‍රතිසංස්කරණ මගින් ලබන වසරේ සිට ම පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය. 6 ශ්‍රේණියේ සිට ඉහළට ගණිතය සහ විද්‍යාව විෂයන් දෙක සිංහල, දමිළ මව් භාෂාවලින් උගන්වන අතර ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගැන්වීමට යෝජනා වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම විෂයන්වල බොහෝ තාක්ෂණික පද තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාළ ව බැවින් එතරම් අපහසුවකින් තොර ව දරුවන්ට ඉබේ ම මෙයට හුරු විය හැකි බවත් එමගින් අසාධාරණයක් සිදු නොවන බවත් පැවසී ය. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා, ගණිත හා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය මගහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබා දීමට වෙන ම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගිත්වය දක්වන බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සම්පත් දායකත්වය මත එම ආයතනය සමග ඒකාබද්ධ ව ක්‍රියාවට නංවා ඇති “English is Simple” ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වෙමිනි. මෙම ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන අනුව පාසල් විෂයමාලා පදනමින් නිපුණතා පාදක ව සැකසූ ක්‍රියාකාරකම් අත්පොත් හා සංයුක්ත තැටි මෙරට සියලු ම ද්විතීයක පාසල්වල දරු දැරියන්ට ලබා දීමට නියමිත ය. විනෝදාස්වාදයකින් යුතු ව ප්‍රායෝගික ක්‍රියාකරකම්වල නියැළෙමින් පවත්නා රාමුවෙන් බැහැර ව දරුවන්ට එමගින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලද හැකි වන පරිදි මේ පොත් නිර්මාණය කර ඇත්තේ අධ්‍යාපන පද්ධතියේ විද්වතුන් සහභාගී කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි භාෂා ඒකකය විසිනි. අමාත්‍යාංශයේ ඊ-තක්සලාව වෙබ් අඩවියට පිවිසීමෙන් රටේ සියලු ම දරුවන්ට මේ ඉංග්‍රීසි භාෂා දැනුම ලද හැකියි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2022.09.07 දින අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනට, බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 21ක ගුරුවරුන් හා සිසුන් පැමිණ සිටි අතර අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ, අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක, ඉංග්‍රීසි භාෂා ඒකකයේ අධ්‍යක්ෂ නිමාලි බදුරලිය සහ ජාතික ඉතිරි කිරීමේ හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේෂලා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP