MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ළමයින් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනිමට පියවර.
බදාදා, 21 දෙසැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ළමයින් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනිමට පියවර.

වර්තමානයේ, ළමයින් අතර ද මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමට අවස්ථාවක් පවතින බැවින් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණු තවත් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ ආයතන වල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය උවදුර පාසල් තුල ව්‍යාප්ත නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2020.07.29 දිනැති 20/2020 අංක දරණ” අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය සහ වෙළදාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම” උදෘතයෙන් යුතු චක්‍රලේඛය කෙරෙහි නැවත වරක් විශේෂ අවධානය යොමු කල යුතු බවට විදුහල්පතිවරුන් වෙත නැවත වරක් දන්වා යැවීමට තීරණය කරන ලදී. එසේම පාසල්, කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රවලින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව උපදෙස් ලබා දීමට තීරණය විය.

ඉදිරියේ පාසලට ඇතුලු වන්නන් සහ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මගින් එම කාර්ය සිදු කල යුතු බව සාකච්ඡා කරන ලදි. මත්ද්‍රව්‍ය භාවිතා කල අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිලිබදව ගුරුවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටද තවදුරටත් සාකච්ඡා කරන ලදි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024

    චක්‍රලේඛය ජාතික පාසල් ලිපිය ජාතික පාසල් ඇමුණුම්...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අ.පො.ස. (උ.පෙළ) විෂයානුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ව්‍යාපාර අධ්‍යයනය

    හැඳින්වීම සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර සිංහල මාධ්...
  • ’ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමෙන් ක්ෂේත්‍රයේ බොහෝ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකියි’

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...

Archives

  • දෙසැම්බර් 2023
  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP