logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2022.01.12 ස්ථීර කළ උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ කෙරෙනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
බදාදා, 12 ජනවාරි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2022.01.12 ස්ථීර කළ උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ කෙරෙනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පුහුණුවක් ලබා දී, රටේ දරුවන්ට මඟ පෙන්වන්නන් ලෙස ඔවුන්ට සේවය කළ හැකි බව ඔහු කියා    සිටියේය.

  මහරගම සංවර්ධන කමිටු සභාපතිවරයාද වන දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, උපාධිධාරීන් ස්ථීර කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම්       කොට්ඨාශයේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරන අවස්ථාවට 2022.01.12 දින එම          කාර්යාලයේදී එක්වෙමිනි.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීය.
   “උපාධිධාරීන් 52,000ක් ස්ථීර කිරීමේ කැබිනට් අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස මම ප්‍රකාශ කරන්නේ, පළමුව ස්ථීර කර දෙවනුව කැමැත්ත සහ උපාධිය අනුව අවශ්‍ය ක්ෂේත්‍රයට අනුයුක්ත වීමේ නිර්දේශයද අප අනුකාරක සභාව ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම කෝවිඩ් දරුණු ලෙස ව්‍යාප්ත වී රට වසා තැබීමට සිදු වූ අවස්ථාවේ අන්තර්ජාලය ඔස්සේ වැඩ කිරීමට ජනාධිපතිතුමා සියල්ලන්ට ධෛර්ය ලබා දුන්නා. අප තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගෙන අන්තර්ජාලය ඔස්සේ කටයුතු කිරීමෙන්, ඵලදායීතාවය ඉහළ යනවා. ඉන්ධන වැය වන හැම මොහොතක ම මුදල් විදේශයන්ට ගලාගෙන යනවා”.

“රාජ්‍ය සේවා ව්‍යාපෘති නිම කිරීමේදී නියමිත කාලයට ඒවා අවසන් කළ යුතු බව මුදල් අමාත්‍යතුමා අදාළ සියලු අංශවලට දන්වා තිබෙනවා. මේ නිසා අලුතින් රාජ්‍ය සේවයට එන අය මේ පිළිබඳ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඉතිහාසයේ ලොකු ම වැටුප් ප්‍රශ්නය, එනම් ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය, විශාල මුදලක් වෙන්කර, විසඳුවේ අප රජයයි. නව වැටුප මේ ජනවාරි මාසයේ     සිට ම ඔවුන්ට ලැබෙනවා.”

මේ අතර, උතුරු කොළඹ සහ මැද කොළඹ අභ්‍යාසලාභී උපාධිධාරීන්ටද සංවර්ධන නිලධාරීන් ලෙස 2022.01.12 ස්ථීර පත්වීම් ලබා දුන්නේ කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ වේල්ලවීදීයේ ප්‍රාදේශීය ලේකම්          කාර්යාලයේදී පැවැති එම උත්සවයේදී අදහස් පළ කළ මන්ත්‍රීවරයා.

“රටේ පවතින තත්ත්වය අනුව ආර්ථීකය කළමනාකරණය කර ගැනීම අවශ්‍යයයි. මොකද මේ උදා වී ඇත්තේ අභියෝග මැද්දේ ගමන් කරන කාල පරිච්ජේදයක්. සෞඛ්‍ය පැත්තෙන්, විතරක් නෙවෙයි ආර්ථීකය පැත්තෙනුත් විශාල අභියෝගයක් තියෙන කාලයක තමයි අපි මේ ගමන් කරන්නේ. දැන් බිලියන පහු කරලා ටි්‍රලියන වෙනකම් ඇවිල්ලා තියෙනවා, රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප්, සඳහා කරන ගෙවීම්. එනම් බිලියන 1500ක් ඒ කියන්නේ ටි්‍රලියන එකහමාරක් වාර්ෂිකව වෙන් කරලා තියෙනවා. එතකොට අපිට රාජ්‍ය අංශයේ ආදායම කීයද? බිලියන 1,000යි. නැත්නම් ටි්‍රලියන 1යි. බිලියන 1500ක්, අපි ගෙවන්න තියෙනවා. ආදායම ලබන්නේ 1,000යි. පුනරාවර්තන වියදම්වලින් වැඩිමනක් තියෙන්නේ වැටුප්. මේ නිසා රාජ්‍ය සේවයට එකතු වන අය වඩාත් මහන්සි වී රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි.”

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP