logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම
සඳුදා, 20 ජූනි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම

2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් හා පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ 2022.06.18 දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන 2022.06.20 සිට 2022.06 24 දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට තීරණය කර ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගන්නා ලද අදහස්ල මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කරන ලදී.

1. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ටල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.

2. එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.

3. පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම්ල එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.

4. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතරල ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.

5.සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත. මෙම කාලය තුලදි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතරල එය එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිළධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී. මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරිම සඳහා ලබන සෙනසුරාදා එනම් 2022.06.25 දින පළාත් අධ්‍යාපන නිළධාරීන් ද සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබදව තිරණය නිකුත් කරනු ලැබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022....
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්...

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP