MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • විභාගවලින් පසු පාසල් සිසුන්ට නිවසේ කල් මරන්නට සිදු වූ මාස 09ක කාලය අවසන් කිරීමට තීරණයක්
බ්‍රහස්පතින්දා, 06 මැයි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

විභාගවලින් පසු පාසල් සිසුන්ට නිවසේ කල් මරන්නට සිදු වූ මාස 09ක කාලය අවසන් කිරීමට තීරණයක්

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අධ්‍යාපනයෙන් මාස 09ක පමණ කාලයක් ඈත්කොට තබන වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අ‍ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ කොළඹ දී මාධ්‍ය අමතමිනි.

වර්තමානයේ පවතින අධ්‍යාපන කාලසටහන් ක්‍රමවේදයට අනුව උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී සහ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වේ. එහිදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ පන්තියේ වාඩිවීමට ත් උසස් පෙළ විභාගයට පෙනී සිටි දින සිට ඉන් සමත් වුවොත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම දක්වා මාස 09ක පමණ කාලයක් සිසුන්ට අධ්‍යාපනයෙන් බැහැර ව සිටීමට සිදුවේ. එම රික්තකය පහසුවෙන් පිරවීම සඳහා මෙම වෙනස්කම ඉතා ම ගැලපෙන බව පැහැදිලි කළ ඒ මහතා ,

“සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බරයේදී පැවැත්වුණා ම ප්‍රතිඵල නිකුත් වෙන්නේ මාර්තු මාසයේ . නමුත් දරුවන් පාසලට ඇතුළත් කරගන්න බැහැ උසස් පෙළ දරුවන් ඉන්න නිසා. ඒ දරුවන් ගේ විභාගය අගෝස්තුවේ දී පැවැත්වුණාට පස්ස සාමාන්‍ය පෙළ සමත් වුණු දරුවන් පාසලට ඇතුළත් කර ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේ ම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවාගේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ අප්‍රේල් මාසයේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතුවලට තවත් මාස 03ක 04ක 05ක කාලයක් යනවා. විශ්වවිද්‍යාල සඳහා අයදුම් කරන්නේ ඊට පසුව. දිස්ත්‍රික්ක නිර්ණය කිරීමට කාලයක් එතැනදිත් ගත වෙනව. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තුවේ දී පැවැත්වුවොත් ඊළඟ වසරේ ජනවාරියෙදි දරුවන්ට උසස් පෙළ පන්තියේ වාඩි වෙන්න පුළුවන්. උසස් පෙළ දෙසැම්බර් මාසයේදී පැවැත්වුවොත් ඉන් පසු ඒ දරුවන් පාසලට එන්නේ නැහැ. දිස්ත්‍රික්ක නිර්ණය පහසු කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් සැසසෙනව. නැවත සමීක්ෂණ කටයුතුවලින් ධනාත්මක ප්‍රතිඵල ලැබී විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට අවස්ථාව ලැබෙන්නේ අයදුම්කරුවන්ගෙන් 0.1%ක ප්‍රමාණයක් පමණ යි. ඒ අයට අභියාචන ආදියෙන් පසු ඇතුළත් වන සිසුන් සමඟ ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනව. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ 21වන පිටුවේ සඳහන් පරිදි වෙනස්කම් සිදු වෙනවා. ජාත්‍යන්තර පාසල්වල දරුවන් edexel, cambridge, london වගේ විභාගවලට පෙනී සිටීමෙන් ඉතිරි කරගන්නා ජීවිතයේ කාලය අපේ අධ්‍යාපන ක්‍රමයෙන් පිටවන දරුවන්ට ද ලබාදීමට මෙයින් අපට හැකිවෙනවා. ” යනුවෙන් පැවසී ය.

වර්තමාන රජයෙන් සිදු කිරීමට නියමිත පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා රටේ සියලු ම දෙනාගෙන් යෝජනා සහ අදහස් ලබා ගැනීම සඳහා මේ වනවිට පිහිටුවා තිබෙන “ඩිජිටල් වේදිකාවට” ඕනෑම කෙනෙකුට මාධ්‍ය කීපයකින් එම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් රටට සහ ලෝකයට ගැලපෙන හොඳ ම අධ්‍යාපන ක්‍රමය 2023 දී අපේ රටේ දරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP