MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාව
බදාදා, 19 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාව

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් වූ සාකච්ඡා කිහිපයක් පවත්වන්නට විය.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කෝවිඩ් 19 හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ එහි කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කතිකාවට ලක්වුණි.

එසේම, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී දෙමව්පියන් සහ මහජනතාව විසින් ප්‍රමුඛත්වයෙහිලා සලකනු ලබන ගැටලුවක් වන නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. එහිදී නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ගරු අමාත්‍යතුමන් විසින් අවධාරණය කරන ලද්දේය. මීට අමතරව, නව ලොවට ගැළපෙන පරිදි විෂය නිර්දේශයන් සකස් කිරීම, රැකියා අපේක්ෂාවන් බලගැන්වීම සඳහා භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෘත්තිය උපදේශනය සඳහා ක්‍රමානුකූල ප්‍රතිපාදනයන් ඇති කිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත පුද්ගලයින් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයන්ට සහ කවුන්සිලයන්ට පත් කර ගැනීමේ දී සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේ ද යන්න සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී වර්තමානයේ දී අත්‍යවශ්‍ය කරුණක්ව පවතින විෂය නිර්දේශ සහ ඉගැනුම් ක්‍රමවේදයන්හි සිදුවිය යුතු වෙනස්කම් කළ යුතු ආකාරය පිළිබඳව අදහස් ලබා ගැනීමට දෙමව්පියන්, ගුරුවරුන්, සිසුන් ආදී ශිෂ්‍ය සංගම් සහ අදාළ අනෙකුත් පාර්ශවයන් සමඟින් දිවයිනම ආවරණය වන පරිදි අදහස් විමසීමේ සැසියන් පැවැත්වීමේ වැදගත්කම සම්බන්ධ කරුණු මතු කරමින් ගරු අමාත්‍යතුමන් විසින් අදහස් දක්වන ලද්දේය.

මෙම සාකච්ඡාවන් සඳහා,

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුලු විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සාමාජිකයින් පිරිසක් ද , උපකුලපතිවරුන් හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සම්බන්ධ වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP