අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා ඇත.මේ සම්බන්ධයෙන් අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය ලෙස 2020 අප්‍රේල් 27 දින සඳහන් කලද පවතින තත්වය හමුවේ අයදුම්පත් කැඳවන අවසාන දිනය පාසැල් ආරම්භ කළ පසු නැවත දැනුම් දීමට නියමිත ය.
මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016 අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.