
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බලා සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලික ව අත්හිටුවා ඇත.
ඒ අනුව, මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ. කෙසේ වෙතත්, මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩල රැස්වීම් නතර කිරීමක් සිදු නොවේ.
ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත අතර එමඟින් ගුරුවරුන්ට වඩාත් පහසුවෙන් හා ක්‍රමවත් ව හා පෞද්ගලිකව ම අන්තර්ජාලය හරහා තමන්ගේ ගුරු ස්ථාන මාරුව පිළිබඳ විනිවිදභාවයෙන් යුතු ව තොරතුරු යාවත්කාලීන කරගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.