logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • – 05 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 ඉරිදා පැවැත්වේ. -උසස් පෙළ විභාගය නොවැම්බර් 15වන දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.
සඳුදා, 19 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

– 05 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 ඉරිදා පැවැත්වේ. -උසස් පෙළ විභාගය නොවැම්බර් 15වන දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

• සා/පෙළ සෞන්දර්යය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වේ.

• පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගන්නා දිනය අගෝස්තු 07 දක්වා කල් දැමේ.

-අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්.

05වන ශ්‍රේණි‍ය ශිෂ්‍යත්ව විභාගය 2021 වසරේ නොවැම්බර් 14වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ 2021/07/19වන දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන් ම 2021 ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පවතින සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් නොවන පරිදි සෞඛ්‍ය නිර්දේශ මත නොවැම්බර් මස 15වන සඳුදා සිට දෙසැම්බර් 10වන සිකුරාදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙන්නේ සෞන්දර්යය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නිසි කාලය තුළ පැවැත්වීමට නොහැකි වීම නිසා ය. ඒ අනුව සෞන්දර්යය විෂයයන්ට පෙනී සිටි 169,000ක් වූ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ මේ වසරේ අගෝස්තු 28 සෙනසුරාදා දින සිට සැප්තැම්බර් 08වන බදාදා දක්වා පැවැත්වීමට ත් ඉන් අනතුරු ව ඉතා ඉක්මනින් එම ප්‍රතිඵල නිකුත් කිරීමට ත් කටයුතු සැලසුම්කොට තිබේ. එම සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට ඇති අතර එම සිසු දරු දැරියන් පූර්ණ‍ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල ව  ජූලි 26වැනි සඳුදා දින සිට මාසයක කාලයක් පාසලට කැඳවීමට කටයුතු කෙරේ. විදුහල්පතිවරුන් විසින් මේ වනවිට අදාළ ‍විෂයභාර ආචාර්යවරුන් කැඳවා පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කොට තිබේ. මේ සම්බන්ධ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාර ව සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි අදාළ පුහුණු කටයුතු සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු ම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධ අයදුම්පත්‍ර භාර ගැනීමට දැනට තිබෙන අවසාන දිනය ලෙස ජූලි 31 බවට ප්‍රකාශයට පත්කොට තිබුණ ද ඒ  අයදුම්කරුවන්ට සාධාරණයක් ඉටු විය යුතු බැවින් එම අයදුම්පත්‍ර භාරගැනීම අගෝස්තු 07වන සෙනසුරාදා දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කෙරේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP