logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකියි.
සඳුදා, 14 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකියි.

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබේ. මෙරට වෙසෙන ඉන්දියානුවන් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම CECA සංවිධානය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සමාජයීය සංවර්ධන කටයුතු වෙනුවෙන් මින් පෙරද බොහෝ වැඩසටහන් පැවැත්වීමට දායකත්වය ලබාදී ඇත.

මෙරට ළමා නිවාසවල වෙසෙන දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් හඳුනාගනිමින්, ඔවුන් දිරිගැන්වීමත්, ඔවුන්ගේ දක්ෂතා සමාජගත කිරීමත්, එමඟින් ඉදිරි නිර්මාණාත්මක කටයුතු වෙනුවෙන් ඔවුන්ට ශක්තිය හා මගපෙන්වීම ලබාදීමත් වෙනුවෙන් මෙම සිතුවම් තරගාවලිය හරහා දරුවන්ට සහායවීම CECA සංවිධානයේ අපේක්ෂාවයි.

කොවිඩ් අභියෝගය හමුවේ බොහෝ දේ නතර වී ඇති මෙවන් කාලපරිච්ඡේදයක CECA සංවිධානය විසින් මෙරට ළමා නිවාසවල දරුවන් සම්බන්ධ කරගනිමින් නිර්මාණාත්මක කටයුත්තක යෙදීම අතිශයින් ම අගය කරන බව මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ළමා නිවාස 369ක දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් 4,375ක් මේ වැඩපිළිවෙළ යටතේ හඳුනාගැනීමට හැකි වී ඇති අතර, ඒ අතරින් විශිෂ්ටතම සිතුවම් 60ක් තෝරාගෙන එම සිතුවම් සුබපැතුම්පත් ලෙස මුද්‍රණය කිරීමට CECA සංවිධානය ඒ අනුව කටයුතු යොදා තිබේ.

මුද්‍රණයට තෝරාගත් සිතුවම් ඇතුළත් සුබපැතුම් පත් ඉදිරියේ දී අලෙවි කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට ද සංවිධානය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් CECA සංවිධානය වෙත කෘතවේදී ස්තුතිය පිරිනමන බව ද, මෙවැනි දිරිගැන්වීම් හරහා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මතුකරලීම ප්‍රශංසනීය කටයුත්තක් බව ද, වැඩිදුරටත් අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්,  ගෝපාල් බාග්ලේ මහතා, ළමා හා කාන්තා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා පාසල් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, CECA සංවිධානයේ සභාපති කැප්ටන් බන්ජාරි මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP