logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • හෙට සිට පාසල් ආරම්භ කරන්නේ සැලසුම්සහගත සහ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අනුවයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 11 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

හෙට සිට පාසල් ආරම්භ කරන්නේ සැලසුම්සහගත සහ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අනුවයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

හෙට (11) සිට බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2-13 තෙක්  ශ්‍රේණි සඳහා විවෘත කෙරේ. රට තුළ පවතින තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගනිමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් අද (10)  පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මෙය අහම්බෙන් ගත් තීරණයක් නොවෙයි. මේක ක්‍රියාත්මක වෙන්නෙ  ඉතාමත් ප්‍රවේශමෙන් අපි සකස් කරපු සැලැස්මක් අනුවයි.  සම්පූර්ණ සැලැස්මක් පමණක් නොවෙයි.  ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් පියවරෙන් පියවර හරියාකාරව  සෑම පාසලක ම ක්‍රියාත්මක වනවාද යන්න වගබලාගැනීමට  අපි වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. . සෑම පාසලකටම පත් කරල තියෙනවා, විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්.  මහජන සෞඛ්‍ය පරීක්ෂක,  ග්‍රාම නිලධාරී, පොලිස් පරීක්ෂක, ආදිශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්, පාසල් සංවර්ධන කමිටුවේ නියෝජිතයෙක්, මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි භාර  දීලා තියෙනවා. ඒ වගකීම් ඉටු කෙරෙන ආකාරය මට්ටමෙන් මට්ටමට සොයා බැලීමට විධිමත් පියවර අරගෙන තිබෙනවා. සියලු  කලාප අධ්‍යක්ෂකවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනාම  මේ වැඩපිළිවෙළට සම්බන්ධයි.” යැයි පැවසීය.
මෙම අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු දෙමව්පියන් ගුරුවරුන්, විදුහල්පතිවරුන්  මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පසුගිය දින කිහිපය මුළුල්ලේ දැනුවත් කරන ලද බවත්, පසුගිය බදාදා දින සිට අද වන තෙක් පාසල්වල මේ සම්බන්ධයෙන් ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වීමට ද,, ඒ ඒ පාසල්වලට අනන්‍ය  වූ කිසියම් අඩුපාඩුවක්,  ගැටළුවක් වේ නම් සාකච්ඡා කර  විසඳුම් සපයා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින තත්වයන් හමුවේ පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුවිශේෂී අවධානය යොමු කරන ලද බව ද, විශේෂයෙන් ම ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව,  සහ පාසල් වෑන් රථ සංගම් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාකර එකඟතාවන්ට එළඹි බව ද, පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා, පාසල් වෙත පැමිණෙන දරුවන්ගේ පූර්ණ  සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධ ව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ පමණක් නොව,  වෛද්‍ය  ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මහාචාර්යවරුන් රැසක් සමඟ ද සාකච්ඡා වට ගණනාවක් ම පවත්වන ලද බව ද පෙන්වා දුන්නේ ය.  
ඉතා විධිමත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් අනුව දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැරී ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ පර්මාර්ථය පෙරදැරිව මෙම තීරණය ක්‍රියාවට නංවනු ලබන අතර, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ මේ වනවිටත් දැනුවත් ව ඇති සියලු උපදෙස් අකුරටම පිළිපදිමින්, දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.මේ සම්බන්ධයෙන් කලාප ,කොට්ඨාස සහ පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය  කිරීම සහ  පළාත් මට්ටමින් අවශ්‍ය ක්‍රියා මාර්ග  ගැනීම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මීට සමගාමී ව අද දින සූම්(Zoom) තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත් වන ලදී. ඒ සඳහා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ,අධ්‍යාපන  අතිරේක ලේකම් ඩී ධර්මසේන ,සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්, පුද්ගලික ලේකම් නලීන් ගම්ලත්, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ..

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP