logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • හුදකලා කළ ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියට පමණක් ජනවාරි 25 වැනි දා සිට පාසල් ඇරඹෙයි.
අඟහරුවාදා, 05 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

හුදකලා කළ ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියට පමණක් ජනවාරි 25 වැනි දා සිට පාසල් ඇරඹෙයි.

කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් ප්‍රාථමික  ශ්‍රේණි ද ඇතුළත් ව ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පියවර ගෙන ඇති අතර, එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව සලකා බස්නාහිර පළාතේ ද 11 ශ්‍රේණි සිසුන් සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට 1-11 ශ්‍රේණි දක්වා සියලු පාසල් සිසුන්ට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත බෙදාදීමට පියවර ගෙන ඇති බව ද මීට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ඕනෑම පෙළ පොතක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමට ද අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, ඔවුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ඉතා කෙටිකාලයක් තුළ සම්පාදනය කර දෙමින් කොවිඩ් හේතුවෙන් මඟහැරී ගිය කාලය පාඩුවක් නොවන අයුරින් ආවරණය කරන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ය.

එමෙන් ම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයට යෙදී තිබූ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයට කල් දැමීම නිසා දරුවන්ට කිසිදු පාඩුවක් හෝ කාලය අපතේ යාමක් සිදු නොවන්නට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ජූලි මාසය වනවිට ම ආරම්භ කිරීමට ද සියලු පියවර ගන්නා බව පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට පාසල් ආරම්භ කිරීම ඉතා අභියෝගාත්මක තීරණයක් බව ද, දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩ ව සහ  අප්‍රමාදව සිදුකරගෙන යාම වෙනුවෙන් එම තීරණය ඉතා වගකීම්සහගත ව, සෞඛ්‍ය බලධාරීන්ගේ ද පූර්ණ උපදෙස් සහිත ව ගත් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කිරීමට පූර්වයෙහි සහ පාසල් ආරම්භයෙන් පසු විදුහල්පතිවරුන්, ගුරුවරුන්. සිසුන් සහ දෙමව්පියන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව  අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moe.gov.lk ) මගින් හා මාධ්‍ය මගින් මේ සම්බන්ධ ව දැනුවත් කර ඇත.

විශේෂයෙන් ම පාසල් සිසුන් ප්‍රවාහනය, පාසල්වල විවේක කාලය පැවැත්වීම, ගුරුවරුන් සිසුන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු පොදු උපදෙස් ද ඇතුළත් මාර්ගෝලදේශ මාලාවක් සෑම පාසලක් වෙත ම මේ වනවිටත් නිකුත් කර ඇති බවත්. ජනවාරි 6 වැනි බදාදා දින සිට ජනවාරි 10 ඉරිදා  දක්වා කාලය තුළ පාසල් තුළ මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ පදනම් කරගනිමින් ගුරු-දෙගුරු හමුවීම් හා සාකච්ඡා මෙන් ම පාසලට අදාළ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ සකස් කරගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

අද (04) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP