logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 21 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවට වර්තමාන රජය දැඩි ස්ථාවරයක සිටින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2020/12/20වන දින පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ හමුවීමෙන් අනතුරු ව ය.

පාසල් විවෘත කිරීම සම්බන්ධ ව ස්ථිර ප්‍රකාශයක් ඉක්මනින් ම ලබාදීම සඳහා අපිට හැකි වේවි. ඇතැම්විට හෙට දිනයේ දී. මේ සම්බන්ධව ගරු නායක ස්වාමීන්වහන්සේගේන් ද උපදෙස් ලබා ගැනීම සඳහා මම පැමිණියේ. උන්වහන්සේගේ ද අදහස වුණේ හැකි ඉක්මනින් රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරදීම පිණිස පාසල් ඉක්මනින් ම විවෘත කළ යුතු ය යන්නයි. මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමතිතුමිය, අමාත්‍යංශ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂජෙනරාල්වරයා සමඟ අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ඒ අය විසින් ලබාදෙන නිර්දේශ සහ මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීම සුදුසු බව නායක ස්වාමීන්වහනසේ ද දැනුම් දුන්නා.

රටේ පාසල් සියල්ල එකවර විවෘත කිරීම සිදුකළ හැකි දෙයක් නොවුණත් එය ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතු යි. මේ වනවිට රටේ සියල්ල ම පාහේ යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අපේ රටට පමණක් නොවෙයි කොවිඩ් 19 සමස්ත ලෝකයට ම අභියෝගයක් වෙලා තියෙන්නේ. රජයක් විදියට වගේ ම රටක් විදියට ත් අපි මේ අභියෝගය ජය ගත යුතු යි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කළ යුතු යි. පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමත් ඒ ඒ පාසල්වලට, විදුහල්පතිවරුන්ට සහ කමිටුවලට ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත්, ඒ ඒ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමේ අධිකාරී බලය පාසල්වලට ලබාදෙන ආකාරය සම්බන්ධව ත් අපි සාකච්ඡා කරනවා. යනුවෙන් ද පැවසී ය.

මාධ්‍යෙව්දියකු එම්.සී.සී. ගිවිසුම පිළිබඳ විමසූ අවස්ථාවේ-

“ඔව් අපේ අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට පැමිණෙන අවස්ථාවේ ම කිවුවා එම්.සී.සී.වලින් රට ගලවා ගන්නට සෘජු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා කියලා. එතුමා ඒ අනුව කටයුතු කළා. අපි දන්නවා එම්.සී.සී අත්සන් කරපු සමහර රටවල්වල ජනතාවට කම්කරුවන්ට බවට පත්වෙන්න සිදුවෙලා තිබෙන හැටි. එහෙම ලොකු අවධානමක් තියෙන නිසා ම එතුමා එම්.සී.සීය අත්සන් කිරීමට නොහැකි හේතු ඉතා ම පැහැදිලිව ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් මුලින් කිවුවා මොනව කිවුවත් හොරෙන් හරි ආණ්ඩුව එම්.සී.සීය අත්සන් කරනවා කියලා. දැන් කියනවා ඒක අහෝසි කලත් වෙන ක්‍රමයකට හරි ඒ දේවල්වලට එකඟ වෙයි කියලා. අපි රජයක් විදියට මෙන් ම අතිගරු ජනාධිපතිතුමා රටේ නායකයා විදියට සෘජු තීරණයක සිටින බව පැහැදිලිව පැවසිය හැකියි. යනුවෙන් ද පැවසීය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP