logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් දෙවැනි පාසල් වාරය හෙට (19) සිට ඇරඹෙයි …
සඳුදා, 19 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් දෙවැනි පාසල් වාරය හෙට (19) සිට ඇරඹෙයි …

සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් මත ගෙන, සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් ද සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් වල දෙවන වාරය හෙට (අප්‍රේල් 19) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

පාසල් වෙත  සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරනතුරු පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි . ඒ අනුව, පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකි අතර, සිසුන් 16-30 අතර සිටීනම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවීමට උපදෙස් ලබාදී තිබේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක  අංශ ඇතුළු විවිධ පාර්ශව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරන බව ද, ඉදිරියටත් වගකීම්සහගතව ඒ අයුරින්ම කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යතුමන්ගෙන්  ලැබුණු විශේෂ උපදෙස් මත රටේ සියලු දරුවන් පාසල් වෙත කැඳවා මුහුණට මුහුණ අධ්‍යාපනයට අවකාශ සලසා දීමට හැකිවීම සතුටුදායක කරුණක් බවත්, ලොව පුරා කෝවිඩ් තුන්වෙනි රැල්ලක්ද මතුවෙමින් පවතින අවධියක, රටේ ජනතාවගේ වගකීම්සහගත හැසිරීම සහ සහයෝගය හේතුවෙන් මෙසේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බව ද කෙසේවෙතත් කොවිඩ් අවදානම මෙරටින් තවමත් පහව ගොස් නැති බව සිහි තබා ගත යුතු බව ද ලේකම්වරයා අවධාරණය කරයි .

ජනාධිපතිතුමන්ගේත්, අග්‍රාමාත්‍යතුමන්ගේත්,අධ්‍යාපන අමාත්‍යතුමන්ගේත්  පූර්ණ මගපෙන්වීම් සහ  උපදෙස් ඇතිව  සිසුන් පාසල් වෙත කැඳවීමට රටක් වශයෙන් ගනු ලැබූ තීරණය හා  ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළ කිසියම් හෝ අඩුපාඩුවක් වෙතොත් විවේචන ඉදිරිපත් කරනු වෙනුවට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර අඩුපාඩු මඟහරවා ගැනීමට සහය ලබාදෙන ලෙසද සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටින බව අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් පෙන්වා දෙයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...
  • අධ්‍යාපන අමාත්‍යාංශයට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්…

    අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගරු සුසිල්...
  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ.

    රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 202...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP