logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සුහුරු දරුවන් තනන නිසි ඇගයීම්කරණ වැඩපිළිවෙළක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කරමු
සඳුදා, 19 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

සුහුරු දරුවන් තනන නිසි ඇගයීම්කරණ වැඩපිළිවෙළක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කරමු

ජාතික අධ්‍යාපන ආයතනය(NIE)  ප්‍රථමවරට හඳුන්වාදෙන අධ්‍යාපනික තක්සේරුව හා ඇගයීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව අද සිට ඇරඹෙයි

අදක්ෂයින් අතහැර දක්ෂයින් තෝරාගැනීම වෙනුවට, කිසිදු දරුවකු අධ්‍යාපනයෙන් මඟනොහැර, දැනුම සහ දක්ෂතා අත්පත් කරදීමට සමත් ඇගයුම් හා තක්සේරුකරණ වැඩපිළිවෙළක් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත කිරීම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය තුළ මතුවන අතිශයින් කාලෝචිත ජාතික අවශ්‍යතාවක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය (NIE)) හඳුනාගෙන සිටී.

ඒ අනුව, මෙරට අධ්‍යාපන පද්ධතිය තුළින් විසිඑක්වැනි සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි සුහුරු මානව සම්පත් බිහිකිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු වෘත්තීකයන් වෙත ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රථමවරට හඳුන්වාදෙනු ලබන අධ්‍යාපනික තක්සේරුව හා ඇගයීම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව අද (18) සිට ආරම්භ කෙරිණි.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න (වීඩියෝ තාක්ෂණය ඔස්සේ) මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර, විභාග කොමසාරිස් (පර්යේෂණ හා සංවර්ධන) ගයාත්‍රී අබේගුණසේකර, ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා පද්මිණි පෙරේරා මහත්මිය ඇතුළු ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී මෙම සමාරම්භක හමුව පැවැත්විණි.

ඉගෙනුම්-ඉගැන්වීම් මෙන්ම ඇගයීම් හා තක්සේරුකරණය සම්බන්ධව පැවති සාම්ප්‍රදායික සුසමාදර්ශයන්හි වෙනසක් සිදුව ඇති මෙවන් සමයක, දරුවන් නව සුසමාදර්ශ වෙත රැගෙන යමින්, ජාතික ආර්ථිකයට ඵලදායී ව දායක විය හැකි,

භාෂා, සන්නිවේදන, සෞන්දර්ය, තාක්ෂණික හැකියාවන්ගෙන් සපිරි දරුවන් රටේ අධ්‍යාපනය තුළින් ගොඩනැංවීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය සකස් කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි.

නව සියවසට හා ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන, දරුවාගේ දක්ෂතාවන්හි ගුණාත්මකභාවය මැන බලන ඇගයීම් හා තක්සේරුකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව අදට අතිශයින් ම වැදගත් වන බව ද, වසර ගණනාවක් පුරා දරන ලද පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම පාඨමාලාව සැලසුම් කර, සංවර්ධනය කිරීමට ගත් පියවර වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළ යුතු බව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP