logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් ” අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා
සඳුදා, 31 ජනවාරි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් ” අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා

රුපියල් මිලියන 102 වැය කෙරෙන, රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භය සහ විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ දී සිදුවිය  සිදුවිය.
මෙම තාක්ෂණ  තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 62 ක්ද තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 40 ක්ද වැය කෙරේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා…
මෙවැනි තාක්ෂණ පීඨ උතුරුකරයේ සිට දකුණුකරය දක්වා සිංහල, දෙමළ, මුස්ලිම් හා මිශ්‍ර  පාසල් වල ස්ථාපිත වෙමින් පවතිනවා. ඒ හෙට ලොවට පිවිස රටේ අනාගතය බාර ගන්නට සැරසෙන දරුවා නව ලොවට සරිලන දැනුමෙන්  සන්නද්ධ කිරීම සඳහායි.
“Covid  වසංගතය නිසා විභාග කල් ගොස්  තිබුණා. දරු දැරියන් දෙමාපියන් මේ නිසා මහත් මානසික ව්‍යාකූල තත්වයන්ට පත්ව සිටියා. Covid සාමාන්‍යකරණය යටතේ සෞඛ්‍ය උපදෙස් මත ඒ විභාග පවත්වන්නට තීරණය වුණා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත්වුනා. උසස් පෙළ විභාගය පෙබරවාරි 07  පටන් ගන්නවා. මේවට වැට මායිම් බඳින්න හදන්නේ දරුවන්ගේ අනාගතය අඳුරු කර රට ආපස්සට හරවන්න  කටයුතු කරන ප්‍රතිගාමී බලවේග. දරුවන් දෑස් දල්වා බලා සිටි සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල අපට නිකුත් කරන්න හැකි වුණා. එහිදී උසස් පෙළ ප්‍රවිශ්ටය ට සෞන්දර්ය ප්‍රතිඵල රුකුලක් කරන්නට අපි තීරණය කලා. සාමාන්‍ය පෙළ සිසුවකු උසස් පෙළ හදාරන්ට ප්‍රවිෂ්ට වන කාලය අවම කරන්නට, උසස්පෙළ සිසුවකු විශ්වවිද්‍යාලය දක්වා වන ප්‍රවිෂ්ට වන කාලය අඩු කරන්නට අප කතිකාවතක යෙදෙමින් සිටිනවා. විභාග ප්‍රතිඵල කඩිනම් කිරීම, විභාග කාල රාමු සංශෝධනය, විශ්වවිද්‍යාල ඇතුළු විමේ ප්‍රමාණය වැඩි කිරීම ඒ අතර වනවා.  මේ තුළින් සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි වේවි. ඒ ඉතිරි කරන කාලය මහා අනාගත ජාතික  ආයෝජනයක්. සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ  යටතේ අපට නැවත පාසල් පටන් ගන්නට හැකි වුණා. පන්ති කාමරය නිවසේ කාමරයට කොටුවී තිබුණු කාලය අවසන් කරන්නට හැකි වුණා. දරුවන්ගේ ජයග්‍රහණ පමණක් නොව, වසර විසි හතරක් තිස්සේ නොවිසඳී තිබූ  ගුරු වැටුප් ප්‍රශ්නය විසඳන්න අපට හැකි වුණා. රට ආර්ථික වශයෙන් ඉතාමත් අපහසු තත්ත්වයක තිබියදීත් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් ඇමතිතුමා ඒ සඳහා කටයුතු කළා. උසස් අධ්‍යාපනය නොලදත් පාසලෙන් පිටවන සෑම දරුවකුටම රැකියාවක් සඳහා සුදුසුකම් ලබා දීමේ අවස්ථාව අපි ඇති කරමින් සිටිනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මුදිතා සොයිසා, යදාමිණි ගුණවර්ධන,  ජෝන් සෙනෙවිරත්න,  හිටපු පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, විදුහල්පති කේ. කමලේෂ්වරන් ඇතුළු ගුරු සිසු දෙමාපියන් මෙම අවස්ථාවට එක්විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP