logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සියලු ආදායම් මාර්ග වලට විශාල බලපෑමක් ඇති වී තිබෙන වාතාවරණයක මෙසේ ඉල්ලීම් කිරීම ප්‍රායෝගික නොවේ… අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
අඟහරුවාදා, 03 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

සියලු ආදායම් මාර්ග වලට විශාල බලපෑමක් ඇති වී තිබෙන වාතාවරණයක මෙසේ ඉල්ලීම් කිරීම ප්‍රායෝගික නොවේ… අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

වත්මන් රජය තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ම දක්වන්නට යෙදුණු පරිදි මෙම ගැටලුව හඳුනාගෙන ඊට විසඳුම් සෙවීමට සූදානම්.. – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

අපි රජයක් විදියට ‘සුබෝධනී’ කමිටුව පත්කොට එ සඳහා අවශ්‍ය නිර්දේශ පවා ලබා ගත්තා. – අමාත්‍ය ගාමිණී ලොකුගේ

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකය ම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේ ම විසඳන්නට කීම අසාධාරණ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/08/03වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍ය අමතමිනි.

අද පැවති වෘත්තීය සමිති සංගම් සමඟ සාකච්ඡාවේ දී රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව පිළිබඳ ඉතිහාසය ඔවුන්ට මතුකොට පෙන්වා දෙන ලදී. අඛණ්ඩ ව වසර 24ක් පමණ තිස්සේ රජයෙන් රජයට මාරු වෙමින් මෙම ගැටලුව පැවතුණි. එය කිසිසේත් ම ඊයේ පෙරේදා ඇති වූවක් නොවේ. ඓතිහාසික ප්‍රශ්නයකි. එතරම් කාලයක් තිස්සේ ලියලමින් වර්ධනය වෙමින් පැවත මේ රජයට දායාද වුණු ගැටලුවක් ලෙස මෙහ පෙන්වා දිය හැකි ය. එබැවින් පාසලට නොපැමිණීමවත් දරුවන්ට අධ්‍යාපන කටයුතු නොකිරීමවත් මෙම අවස්ථාවේ උචිත විසඳුමක් නොවේ. සමස්ත ලෝකය ම දැඩි ආර්ථික අර්බූදයකට මැදි වී තිබෙන අවස්ථාවක, ඇතැම් රටවල් වැටුප් කප්පාදු පවා සිදුකරන අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ගුරුවරුන්ගේ ඇතුළු රාජ්‍ය සේවක වැටුප ගෙවීමට කටයුතු කරන ලදී.

රජයට ප්‍රධාන ආදායම් ලැබෙන මාර්ග වන වැට් බද්ද, රේගුව, සුරාබදු, පිටරට ශ්‍රමිකයන් ආදී සියලු ආදායම් මාර්ග වලට විශාල බලපෑමක් ඇති වී තිබෙන වාතාවරණයක මෙසේ ඉල්ලීම් කිරීම ප්‍රායෝගික නොවේ. අවුරුදු 24කට පසුව මෙවැනි අවස්ථාවක එක්වර ම පාසල් නොයන බව, ඉගැනවීම් කටයුතු නොකරන බව පැවසීම සාධාරණ ද නොවේ. මෙයින් වඩාත් අසරණ වන්නේ දිළිදු පවුල්වලින් එන දරුවන්ට ය. වරප්‍රසාද ලත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු වෙනවා. එබැවින් මෙය අසාධාරණ ක්‍රියාමාර්ගයකි.

පසුගිය දා නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධ කරමින් අධ්‍යාපන ලේකම්වරයාට චෝදනා එල්ල කළ ද එය කිසිසේත් ම ලේකම්වරයාගේ පෞද්ගලික උවමනාවට නිකුත් කරන ලද්දක් නොවේ. අද උදෑසන වනවිට ගරුවරුන් 241000 න් 85%කට පමණ එන්නත්කරණය සිදුකොට අවසන්කොට තිබේ. එන්නත්කරණයෙන් පසුව ක්‍රමයෙන් පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු ය. එහිදී ගුරුවරුන් පාසලට ගොස් එසේ පාසල් ආරම්භ කිරීම සඳහා වටපිටාව පාසල් තුළ නිර්මාණය කර දිය යුතු ය. කිසිසේත් ම ගුරුවරුන් බිය ගැන්වීමට, තර්ජනයට ලක් කිරීමට එමඟින් අදහස් නොකරන ලදී. යනුවෙන් ද පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ම දක්වන්නට යෙදුණු පරිදි මෙම ගැටලුව හඳුනාගෙන ඊට විසඳුම් සෙවීමට සූදානම්. ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම, ගුරුවරුන්ගේ තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බැව් එහි පැහැදිලිව සඳහන්. නමුත් මේ අවස්ථාවේ රජය සිටින්නේ ලොව අනෙක් රටවල් මෙන් ම ආර්ථික ගැටලුවක. ගුරුවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා 2020 වසරේ රාජ්‍ය බදු ආදායමෙන් 86%ක් වැය වී තිබේ.එසේ තිබිය දී නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට රජය විශාල මුදලක් වැය කරනවා. ණය වාරික ගෙවා ගන්නට නොහැකි, ආදායම් මාර්ග ඇහිරී තිබෙන, ණය වාරික වගේ ම ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි ජනතාවකගෙන් බදු ගන්නට විදියක් නැහැ. ලොව වෙනත් රටවල පුද්ගලික අංශවල වැටුප් කප්පාදු කිරීම් සිදු කෙරෙද්දී අපේ රටේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු වෙනවා. රටපුරා එන්නත්කරණය සිදු වෙමින් පවතිනවා. ඒ නිසා මේ මොහොතේ ඔවුන් බලාපොරොත්තුවන දේ කරන්නට බැහැ. එය වැඩි කරන ක්‍රමය තමයි නොවැම්බර් මාසයේ දී අය-වැය ලේඛනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරගෙන ලබාදීම. කැබිනට් මණ්ඩලය ඒකමතික ව තීරණය කළේ එය යි. ලක්ෂ 44ක් පමණවන අහිංසක දූ දරුවන් වෙනුවෙන් යථාර්ථය තේරුම් ගන්න. යැ යි පැවසී ය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වමින්,

“ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව අපි රජයක් විදියට හඳුනගෙන තිබෙන්නේ. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සිටින සමයේ ‘සුබෝධනී’ කමිටුව පත්කොට එ සඳහා අවශ්‍ය නිර්දේශ පවා ලබා ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම කෝවිඩ් අර්බූදය ආවා. ලෝකය ම මේ වනවිට ආර්ථික අර්බූදයක. සේවා අතර වැදගත් ම සේවාවක් තමයි ගුරු අධ්‍යාපන සේවය. අපි ඊට ගරු කරනවා. අපේ රජය බලයට ආපු ගමන් වෘත්තීය සමිති කලබලකාරී ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට බැස්සා. පසුගිය කාලයේ එහෙම වුනේ නැහැ. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ වෙනත් බලපෑම් මේ කටයුතුවලට සම්බන්ධවෙලා තිබෙනවා. අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් ඉතා වැදගත් ඇමතිවරයෙක්. එතුමත් ගුරුවරයෙක්. ගුරුවරයා පෙළපාලි යනවිට දරුවාට මොනවද හිතෙන්නේ? මේකෙන් කඳු උඩ නඟින, ගස් උඩ නඟින දරුවන්ම යි පීඩාවට පත්වෙන්නේ. අපිට වෘත්තීය සමිති එක්ක ගැටලුවක් නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට වගේ ම රජයට මේ ගැටලු සාධාරණව විසඳන්න අවශ්‍යාතාව තිබෙනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් ද එක්වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II/III ශ්‍රේණියේ නිලධාරින්ගේ ජේෂ්ඨතා ලේඛනය

    නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණි...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

     – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත &nbsp...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

    උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP