logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”
බදාදා, 13 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”

අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි –

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ උපන් දිනය දා උපන් ගමේ දී ඉල්ලයි.
අදට යෙදී ඇති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය මිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම හා තුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාව, එම ගමේ ම ජන්මලාභය ලද, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාරය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන්ගේ අනුශාසකතවයෙන්, අධ්‍යාපන අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-10-13 දින ලූල්බද්දුවදී සිදුවිය.

එහිදී අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි, “මම ඉතා ම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලුම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබා දීම. එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න. මේ කාර්යය ඉතා ඉක්මණින් සම්පූර්ණ කරගන්න අප කාටත් අවස්ථාව ලැබෙනවා ඇති. මෙවර මේ කටයුත්තට මුල් වෙලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. බොරළුගොඩ සිංහයාගේ දරුවෝ වැඩක් අතගැහුවොත් ඒ වැඩේ ස්ථිර වශයෙන්ම කරනවා.”
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,”අචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන් අනුස්මරණ කෞතුගාගාරයක් ඉදිකිරීම සම්බන්ධ ව ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එමෙන් ම විශ්වවිද්‍යාල තත්ත්වයක් මේ ප්‍රදේශයට ද ලබාදීමට අනුස්මරණ සංගමය ඉදිරිපත් කළ යෝජනාව අපි අගය කරනවා. අගමැතිතුමා කැඳවූ සියලු ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුනු විසඳුමට තවත් ශක්තියක් එකතු කරමින් ගුරු විදුහල්පති හිග වැටුප් පළමු අදියර මෙවර අය වැයෙන් ලබාදීමටත් ඊළඟ වසරේ අය වැයෙන් එම හිගයන් සම්පූර්ණ කිරීමටත් තීරණය කළා. අපේ යුතුකම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම යි. මේ දුෂ්කර අවස්ථාවේ ගත් වැදගත් තීරණයක් ඒක. අය වැයෙන්මේ පිළිබඳ විස්තර ඉදිරිපත් කෙරෙනවා. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් රැකීමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ඒ වෙනුවෙන් කැපවී තිබෙනවා. ඔවුන්ගේ අනාගත දියුණුවට අගමැතිතුමා ඉතා වැදගත් ප්‍රතිඥාවක් දුන්නා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා දරුවන් වෙනුවෙන්අපේ වගකීම ඉටු කරමු.”

රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභිකයින් වන සදාමිණී ගුණවර්ධන, අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික ප...
  • ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ය.

    – මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍...
  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP