logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණය කරනවා- අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණය කරනවා- අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය සඳහා සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ආගමික මණ්ඩලවලට සාමාජිකයින් පත් කිරීම අතිශයින් ම කාලෝචිත ක්‍රියාවක් විදියටයි මා දකින්නේ. අංග සම්පූර්ණ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදීමට තමයි අපේ අමාත්‍යංශයේ ප්‍රම්‍රඛතම කාර්යය විදියට අපි සලකන්නේ. ඒ ඒ විෂයයන් පිළිබඳව දැනුමක් ලබා දීලා ඒ සුදුසුකම ලබා ගැනීමට අවශ්‍ය වැඩපිවෙළක් සැකසීම පමණක් නොවෙයි අධ්‍යාපනය කියන්නෙ. මේ ක්‍රමය තුළින් නිර්මාණය වන අය දැනුමින් පොහොසත් නමුත් සාරධර්මවලින් දුප්පත්නම් ඉන් සමාජයට ප්‍රයෝජනයක් නැහැ. අපි අදටත් ජනමාධ්‍ය තුළින් දකිනවා තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලනවා. මරණීය දණ්ඩනයට පවා ඒ අය යටත් කරනවා. ඇතැම් අය පවසනවා මරණීය දණ්ඩනය සුදුසුයි කියලා. නමුත් ඒ පියවර ගැනීමෙන් පමණක් මේ ගැටලුවට විසඳුමක් නැහැ. අපරාධ කරන අය හිතනවා තමන් කරන දෙය අහුවෙන එකක් නැහැ කියලා. ‘Discovery of India’ පොත ලියමින් හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මැතිතුමා පැවසූයේ ‘නීතියෙන් කළ හැකි දේ සීමිත යි. අවසානයේ දී යමෙක් හොඳ හැසිරීමට අවතිර්ණ වන්නේ නීතියට බියේ නොව ඇතුළාන්තයෙන් ජනිතවන හැඟීම් කියල මා කියනවා’ යනුවෙනි.

හැදෙන වැඩෙන දරුවන්ට නම්‍යශීලී මනසක් තිබිය යුතුයි. ඒ දරුවන්ට පාසලේ අධ්‍යාපනය සපයා දීමේ දී ව්‍යුහයන් තුළින් තමයි එය ලබා දිය යුත්තේ. ඒ නිසා තමයි ආගමික අධ්‍යාපනය වැදගත් වන්නේ. දහම්පාසල් ගියත් විෂය දැනුම පමණක් ලබා ගැනීමෙන් සෑහීමකට පත් වෙන්නට බැහැ. තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගැනීම තමයි වැදගත් ම.

අපි දන්නවා භාෂා ගණනාවක් කථා කරන, ආගම් ගණනාවක් අදහන පිරිසක් අපේ රටේ ඉන්නේ. ඔවුන් අතර සුහදත්වය සුරක්ෂිත කරගැනීම සඳහා අධ්‍යාපනයට තිබෙන්නේ ප්‍රමුඛතම කාර්යභාර්යයක්. විශ්වවිද්‍යාලයට යාමට පළමුව ඒ දරුවන්ගේ නම්‍යශීලී මනස අධ්‍යාපනය තුළින් පැහැදිලි කළ යුතු යි. අපේ අමාත්‍යංශයට ඒ සඳහා සුවිශේෂී වගකීමක් තිබෙනවා. එය නිවැරදිව සහ කාර්යක්ෂම ව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා.

අපි දන්නවා ඕනෑම සමාජයක අන්තවාදීන් ඉන්නවා. ඒවා සමනය කරලා, තුලනය කරලා සමාජය තුළ ස්ථාපිත කිරීමේ ප්‍රබල යාන්ත්‍රණය වෙන කිසිවක් නොවෙයි අධ්‍යාපනය යි. මේ පවතින හිඩැස පිරවීමට අපට හැකියාව තිබෙනවා.

මේ ආගමික මණ්ඩල පත් කිරීමෙන්, සාරධර්ම පොත දරුවන්ට ලබා දීමෙන් ඉහත හිඩැස පුරවන්නට අපිට පුළුවන් වෙනවා. ඒ නිසා අවුරුදු 05ක් තිස්සේ දිනෙන් දින කල් ගිය ‘සාරධර්ම පොත’ ඉක්මනින් ම දරුවන්ගේ අතට පත් කිරීමට කටයුතු කරනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, හින්දු, ඉස්ලාම්, කතෝලික , ක්‍රිස්තියානි පූජකවරු,  අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා මහතා, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.  

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...
  • 2022.08. 08 – 2022.08.12 සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම.

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022....
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි ) විහාගය 2021(2022)

    අදාළ ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022.07.22 ද...
  • අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023

    රට තුල පවතින වර්තමාන තත්වය මත පවතින අපහසුතා සැල...
  • 2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.

    2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇ...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP