logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ.
සඳුදා, 23 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ.

2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ  මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ  විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදු නොවීමේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යම් අඩපණ වීමකට ලක් වූව ද, පළාත් ,කලාප, කොට්ඨාස සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සහ විවිධ විද්‍යුත් සහ මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට විවිධ පියවර ගනු ලැබිණි.

 එහෙත් එක් එක් පළාත් තුළ පාසල්වල පවත්නා පහසුකම් සහ මුහුණ දීමට ඇති අභියෝග හමුවේ 11 ශ්‍රේණිය සියලුම විෂයන්ට අදාළව සියලු විෂය ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට පැවැති හැකියාව විවිධ මට්ටම් වල පැවතිය හැක. ඒ නිසා මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගැනීම සහ අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල 11 ශ්‍රේණිය සඳහා ඉගැන්වීම් කරන විෂය භාර ගුරු භවතුන් විසින් මාර්ගගත ක්‍රමයට https://info.moe.gov.lk/ වෙබ් සබැඳියට පිවිස අදාළ තොරතුරු ලබා දීම සිදු කළ යුතුය.

2020.11.23 වැනි දින සිට සතියක කාලයක් ඇතුළත  මෙම තොරතුරු ලබා දීම සිදු කළ යුතු අතර, ගුරුවරුන්ට තම ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර මේ සඳහා පිවිසීමට අවස්ථාව ලැබේ.

යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු  නම්, grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත් අංකය, පාසල,  පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමු කිරීමෙන් අදාල තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතී.

විෂයභාර ගුරුවරුන් විසින් නිවැරදි තොරතුරු ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, පළාතේ, අධ්‍යාපන කලාපයේ, අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය නියාමනය කරන ලෙසත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP