logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත අවසන් තීරණය ගන්නවා ” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත අවසන් තීරණය ගන්නවා ” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සහ නියම කරගත් දිනයන්හි පවත්වන්නේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින දහය ඇතුළත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම සහ එහි ඉදිරි පසුබිම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින 11 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අදාල විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ මාර්ගගත ක්‍රමය යටතේ මේ වන විට කොතෙක් දුරට  ආවරණය කර ඇතිද යන්න සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන් වෙතින් තොරතුරු ලබාගැනීමේ විශේෂ  වැඩපිළිවෙලක්ද සැලසුම් කොට ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

රට තුළ පවත්නා වාතාවරනය හමුවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ ‍අදහස් පළ කරන නමුත්, දිගින් දිගටම පාසල් වසා තබමින් දරුවන්ගේ අනාගතය වසා තැබීම කළ නොහැකි බවද, එයින් අදහස් වන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නොතකා හැර අධ්‍යාපනය ලබාදීමට පියවර ගැනීම නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම පාසල් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳ පළාත් මට්ටමින් පූර්ව සාකච්ඡා සිදුකර, සෞඛ්‍ය අංශයන්හි පූර්ණ මැදිහත් වීම ද සහිතව, විදුහල්පතිවරුන් වෙත පාසල් මට්ටමින් පිහිටුවා ගන්නා සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමග සාකච්ඡා කොට වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නැංවීමේ බලයද පවරමින් මෙම තීරණය ගනු ලැබූයේ, වගකීම් විරහිතව නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

දරුවන් පාසල්වලට පැමිණීමේ වර්ධනයක් ක්‍රමිකව අපේක්ෂා කළ හැකි බව ද, පාසල් ආරම්භ කළ වහාම දරුවන් පාසල්වලට එවීමට දෙමව්පියන් පසුගාමී වීම මෙවන් පසුබිමක  ස්වභාවික තත්ත්වයක් බවද, පැවසූ අමාත්‍යවරයා, සියලු පාසල් වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව, මධ්‍යම පළාත වෙනුවෙන් රුපියල් ලක්ෂ 65ක්, දකුණු පළාත වෙනුවෙන්  ලක්ෂ 49 ක්, උතුරු පළාත වෙනුවෙන් ලක්ෂ 36ක්, නැගෙනහිර පළාත වෙනුවෙන් ලක්ෂ 46 ක්, වයඹ පළාත වෙනුවෙන් ලක්ෂ 56ක්, උතුරු මැද පළාත වෙනුවෙන් ලක්ෂ 30ක්, ඌව පළාත වෙනුවෙන් ලක්ෂ 38ක්, සබරගමුව පළාත වෙනුවෙන් ලක්ෂ 46 ක් වශයෙන් ලක්ෂ 370කට ආසන්න  මුදලක් පාසල්වල සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම පිණිස ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විවේචනවලට බිය වෙමින් කිසිවක් නොකර සිටීම දරුවන් වෙනුවෙන් කරන අසාධාරණයක් බැවින්, පවත්නා තත්වයට වගකීම් සහගතව මුහුණ දෙමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බවද , සියලු පාර්ශ්ව මෙහිදී සිදු කළ යුත්තේ අඩුපාඩු මගහැර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම නොපිරිහෙළා ඉටු කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා,  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක ජනරාල්  විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා,  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ඇතුළු මහත්ම මහත්මීන්  පිරිසක් එක්ව සිටියහ.

  • Tweet

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP