logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා
බදාදා, 10 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා

– අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන දවස. දවස් 10ක් තිස්සේ මේ විභාගය පැවැත්වුණා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් විභාගය සඳහා පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 4513ක විභාගය පැවැත්වුණා. විශාල අභියෝගවලට මුහුණදීල තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගය ආරම්භ වනවිට ආසාධිත දරුවන් හිටියේ 38යි. අවසාන වනවිට සිසුන් 62යි. මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අපි කලින් සූදානම් වෙලා තිබුණා. මුළු රටේ ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි හදල තිබ්බා. ඒවගේ ම නි‍රෝධායනයට ලක්වුණු දරුවන් 322ක් හිටියා. හැම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයකුත් සකස් කරලා තිබුණා. ඒවගේ ම පසුගිය දවස් දෙකේ අයහපත් කාලගුණය නිසා සමහර ගැටලු පැන නැඟුණා. හැබැයි අපිට පුළුවන් වුණා බොහොම සාර්ථක ව ප්‍රශ්නපත්‍ර විභාග මධ්‍යස්ථානවලට නියමිත වේලාවට යොමු කරන්නට.
අපි තීරණය කරලා තිබෙනවා සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ‍ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පවත්වන්නට. ඒකෙ ප්‍රයෝජනය තමයි, මේ දරුවන්ට හැකියාව ලැබෙනවා මාර්තු සහ අප්‍රේල් මාස තුළ ඒ සඳහා සූදානම් වෙන්නට. උත්තර පත්‍ර ඇගයීම මේ මාසේ 27වන දින ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජුනි මාසයේ පමණ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටත් ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් අපට හැකියාව ලැබෙයි.
මේ සමස්ත වැඩපිළිවෙළ නිසා පාසල් පද්ධතිය සම්පූරණයෙන් විවෘත කරලා අධ්‍යයන කටයුතු අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. මේ සඳහා කැපවීමෙන් වැඩ කටයුතු කළ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට, විභාග දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පළාත් පාලන ආයතනවලට සහ මාධ්‍යයට අපේ ස්තූතිය හිමි වෙනවා. යනුවෙන් ද පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP