logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා”-අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්
අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

“සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා”-අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

          “අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව කරගැනීමට පුළුවන් වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දීමට අපි සූදානම් ව සිටිනවා. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිත යි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා.

ඒවගේ ම කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයක ම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට  ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතුන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරලයි තිබෙන්නේ.

මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කරලා තිබෙන්නේ. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් අපේ වෙබ් අඩවියට ගිහින් ඒ ප්‍රවේශපත්‍ර බාගත කරගන්න පුළුවන්. අපේ රටේ ප්‍රථම වතාවට අපේ රජය එහෙම පියවරකට ගිහින් තිබෙනවා. සියල්ල අපේ දරුවන් වෙනුවෙනුයි.

ඒවගේ ම පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වනවිට ‍සාක්ෂිකරුවන් කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ පමණක් නොවෙයි කොමිසමෙන් අපි බලාපොරොත්තු වන්නේ. ඊට වඩා එහාට ගොසින් මීට වගකිවයුත්තේ කවුරුන් ද? සංවිධානය කළේ කවුරුන් ද? සෘජුව සහ වක්‍රව සම්බන්ධ වුණේ කවුරුන් ද? මුදල් එවුවේ කවුරුන් ද? අවශ්‍ය උපකරණ රැස්කර ගත්තේ කොහොම ද? මේ සියල්ලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට කැඳවීම අතිශයින් ම වැදගත්.

මේ සියල්ලට වඩා වැදගත් මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවීමට වග බලා ගැනීම. මේක කතෝලික ජනතාවට පමණක් නොවෙයි අපේ රටේ සමස්ත ජනතාවට ම තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි සහ එය රටේ ආර්ක්ෂාවට බලපාන කරුණක්. මේ පිළිබඳ ව අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අද්විතීය මෙහෙවරක් කළා. ඒ අවස්ථාවේ පවා එතුමාගේ මැදිහත්වීමක් නොවන්නට තත්ත්වය මීට වඩා වෙනස් වන්නටත් තිබුණා. අපිට වටිනා ජීවිත 250ක් පමණ නැතිවුණා පමණක් නොවෙයි 500කට අධික පිරිසක් තුවාල වුණා. මෙහිදී ඇතිවිය හැකි අවදානම් සහගත තත්ත්වය වළක්වා ගැනීමට කාදිනල් හිමිපාණන්ගේ මැදිහත්වීම අතිශයින් ම වැදගත් වුණා. කටුවාපිටිය අවට ජනතාවගේ උත්සන්න වුණු හැඟීම් පාලනය කරන්නට සංසිඳුවන්නට එතුමා මැදිහත් වුණා. එය මේ අවස්ථාවේ දී කෘතඥපූර්වක ව සිහිපත් කළ යුතු යි.

මේ කොමිෂන් සභා වාර්තාව ලැබී තිබුණත් අපි මේ සම්බන්ධ ව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සමඟ සාකච්ඡා කළ යුතු යි. එතුමාගේ අදහස් සහ යෝජනා අපට අතිශය වැදගත් වෙනවා. රජය පැත්තෙන් යම් යම් ව්‍යාකූලතා තිබෙන්නට පුළුවන්. ඒ සියල්ලන් ම පිළිබඳ ව අපේ ගෞරවනීය සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ අදහස් විමසීමෙන් අනතුරු ව සහ සංවාදයකට භාජනය කිරීමෙන් අනතුරු ව තීන්දු තීරණවලට යා යුතු යි. මේක අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සිදුවීමක් නිසා.” යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP