logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සාමාන්‍ය පෙළ ඉහළින් සමත් ව උසස් පෙළ හදාරන සිසුන් 150කට ‘මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව’
සිකුරාදා, 12 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සාමාන්‍ය පෙළ ඉහළින් සමත් ව උසස් පෙළ හදාරන සිසුන් 150කට ‘මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව’

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ශ්‍රේෂ්ඨ නායකයෙක් සහ මානුෂවාදියකු ලෙස ලොව ප්‍රකට මහත්මා ගාන්ධිතුමාගේ ආදර්ශයන් ජීවිතවලට එකතු කරගැනීම ඔහුට කරන ලොකු ම ගෞරවය බව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය රජය මඟින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 12 වන වතාවටත් අඛණ්ඩ ව පැවැත්වීම පිළිබඳ අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ මිත්‍රත්වයේ දෑත දිගුකිරීම සම්බන්ධ ව. එමෙන් ම අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත් වුණු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මේ ප්‍රදානයන් සිදු කිරීම සම්බන්ධ ව ද සතුට පළ කරන්න කැමතියි. මහත්මා ගාන්ධිතුමා සතුව පැවති වැදගත් ම ගුණාංගය තමයි මානුෂවාදය. එතුමා කුලය නිසා, ධනය නිසා, බලය නිසා, සහ වැන්දඹු වීම වැනි තත්ත්වයන් මත අසාධාරණයට පත් වුණු ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන්ට යහපත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියා. එතුමාගේ එම මානුෂීය ගුණාංගයන් ඔබේ ජීවිතවලටත් ආදේශ කර ගන්න” .යැයි ද ප්‍රකාශ කළේය.

තමා පසුගිය සතියේ යාපනයේ පාසල්වල සංචාරය කළ අතර, දරුවන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් මුණගැසී එහිදී කළ සාකච්ඡාවන්ගෙන් හෙළි වූයේ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අවශ්‍යතාව වී ඇති බවත්, ක්‍රීඩා තරග, සංස්කෘතික උත්සව ආදියට උතුරේ දරුවන්ට දකුණේ දරුවන් හා සම්බන්ධවීමට ඉඩප්‍රස්ථා ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවත්, සෑම දරුවකුගේ ම අභිලාෂය සාර්ථක ජීවිතයක් ගත කිරීම බව ද සියලු පාර්ශවයන්හි සහයෝගය ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්නට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

2006 වසරේ සිට ක්‍රියාත්මක වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මුල් අදියරේදී දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් උසස් පෙළ සිසුන් 100කට ශිෂ්‍යාධාර ලබාදුන් අතර මේ වනවිට සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත මසකට රු.2500/= බැගින් උසස් පෙළ හදාරනු ලබන වර්ෂ දෙකක අධ්‍යයන කාලය මුළුල්ලෙහි ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. දිස්ත්‍රික් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල ප්‍රවීණතාවය ලබා ඇති වාර්ෂික ආදායම රු.120,000/= ට අඩු ආදායමක් ලබන දෙමව්පියන්ගේ දරුවන් මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගැනේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP