logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලමින් පාසල් නිල ඇඳුම් සිසුන් වෙත බෙදා හැරීම ඇරඹේ.
බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලමින් පාසල් නිල ඇඳුම් සිසුන් වෙත බෙදා හැරීම ඇරඹේ.

– මෙවර උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂකවරුන්ගේ දීමනා ඉහළට

– සතොස අළෙවිසැල් හරහා 35%ක වට්ටමක් යටතේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට ලබාගැනීමට ක්‍රමවේදයක්  

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම සඳහා සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී අද පැවති සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමිනි.

  මෙම චීන පරිත්‍යාගයේ පළමු කොටස මීට මසකට ප්‍රථම මෙරටට ලැබුණු අතර සිසුන්ගේ වයස, අවශ්‍යතා හා වර්ණ අනුව ප්‍රමිතිගත ව ඇසුරුම් කර  ඇති එම තොග පහසුවෙන් බෙදාහැරිය හැකි බවත් මුලින් ම අගනුවරින් දුරබැහැර උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව වැනි පළාත්වල දිස්ත්‍රික්ක සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා   එම නිල ඇඳුම් බෙදාහරින බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

 දේශීය සැපයුම්කරුවන්ගෙන් ඉතිරි 30%ක නිල ඇඳුම් ප්‍රමාණය සපයා ගැනෙන අතර එම ප්‍රමාණ හා චීනයෙන් ලැබෙන ඉතිරි නිල ඇඳුනුත් දෙවනු ව වයඹ, මධ්‍යම, දකුණ හා බස්නාහිර යන පළාත්වලටත් වශයෙන් බෙදාහරිමින් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම නිල ඇඳුම්  බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි. රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් හා පිරිවෙන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රභේද 24ක් මෙසේ බෙදා හරිනු ලැබේ. පෙර වර්ෂවල මෙන් ම කිසි දු හිඟයකින් තොර ව සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව ම සපුරාලන බවත් ඒ සඳහා චීනයෙන් ලද රුපියල් බිලියන 5.5ක නිල ඇඳුම් ප්‍රදානය ද ඇතුළු ව  සමස්ත වියදම රුපියල් බිලියන 7.8ක් බවත් මේ සියල්ල ආර්ථික අභියෝග රැසක් හමුවේ වුව අධික මූල්‍ය පිරිවැයක් දරමින් රජය ඉටු කරන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේ ය. මුද්‍රිත පෙළ පොත් ලබාදීම වැනි මේ සෑම කාර්යයකට ම වැය වන්නේ රජයේ බදු මුදල් බව ජනතාව වටහාගත යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.

   මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දෙස් විදෙස් සංවිධාන හා එක් ව පාසල් දිවා ආහාර වේල් ප්‍රමාණය 51%ක් දක්වා වැඩි කර ලබා දෙන්නේ ද රජය ජනතාව පෙළෙන ආර්ථික දුෂ්කරතා හොඳින් හඳුනන නිසා බවත් වෙනත් රටවල සහාය ලබාගනිමින් මේ ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ඒමට රජය හැකි සෑම ප්‍රයත්නයක් ම දරමින් සිටින බවත් ය.­­

    එමෙන් ම ඉදිරියේ දී පාසල් දරුවන්ගෙන් 30%කට පාසල් උපකරණ ලබා දීමටත් දීපව්‍යාප්ත සතොස අළෙවිසල් හරහා 35%ක වට්ටමක් යටතේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට ලබාගැනීමටත් ක්‍රමවේදයක් සකසා ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

   උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ, කල්ගොස් පැවති උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ බවත් එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා  මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති අතර සඳුදා වන විට එහි චක්‍රලේඛනය නිකුත් කිරීමට කටයුතු කරන බවත් එනිසා වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් පැවසී ය.

  මෙහි දී චීන රජයේ ප්‍රදානය වෙනුවෙන් මෙන් ම ඉදිරියේ දීත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතාට සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය කෘතවේදීත්වය පිරිනැමී ය.

   මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP