logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන,අධ්‍යාපන අභිමතාර්ථ පිළිබඳ සිහිකැඳවීමකි
බදාදා, 04 ජනවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන,අධ්‍යාපන අභිමතාර්ථ පිළිබඳ සිහිකැඳවීමකි

-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

මුදු කුසලතා දරුවන්ගේ මනස් තුළ වගා කරමින් සංවේදීබවින් හා සහකම්පනයෙන් ඔවුන් දුරස් නොවන පරිදි නිර්මාණශීලී නවෝත්පාදන හැකියා ප්‍රවර්ධනය කර තාර්කික චින්තනය ඔස්සේ සමාජීය අභියෝග ජයගත හැකි විනයගරුක සජීවී පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපන අභිමතාර්ථයන් පිළිබඳ මෙවක කෙරෙන සිහි කැඳවීමක් වශයෙන් පාසල් දරුවන්ට සතිමත්බව හඳුන්වා දීමේ ‘සති පාසල‘ වැඩසටහන හැඳින්විය හැකි යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින කොළඹ ආනන්ද විද්‍යාලයේ දී ආරම්භ වූ ‘සති පාසල‘ නියමු වැඩසටහනට සහභාගි වෙමින් පැවසී ය. එම වැඩසටහන සංවිධානය කර තිබුණේ සතිපාසල් පදනම හා අධ්‍යාපන අමාත්‍යාංශය එකාබද්ධ ව ය.

පසුගිය කාලයේ පැවති විවිධ ව්‍යසන හමුවේ ඉගෙනීමේ කටයුතුවලින් 50%ක් පමණ අඩාළ වී බොහෝ විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් අකර්මන්‍ය ව සිසු-ගුරු-දෙගුරු සියලු දෙනා සහිත සමස්ත සමාජය ම දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක එම තත්වය යථා තත්වයට පත් කරගැනීමට දුෂ්කරතා මධ්‍යයේ දැඩි ආයාසයක් දරමින් සිටින බවත් මේ වන විට අප පසු කර ලොව බොහෝ රටවල් අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයකට පිවිස සිටින අතර අප ඒ සඳහා තව මත් අවතීර්ණ වෙමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා දැනුම, ආකල්ප හා කුසලතා මත පදනම් වූ අධ්‍යාපන පරිවර්තනය සඳහා පෙළගැසෙද්දී දැනුමින් අප සන්නද්ධ වුවත් කුසලතා හා ආකල්ප පිළිබඳ සමාජය තුළ පවතින ප්‍රශ්නාර්ථයට පිළිතුරු සෙවිය යුතු ව පවතින බැවින් 2023 වර්ෂය තීරණාත්මක වසරක් වනු ඇති බවත් මෙහි දී සඳහන් කළේ ය.

අභියෝග ජයගැනීම සඳහා තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යා යුතු ව තිබෙන වාතාවරණයක, එළඹ සිටි සිහිය හෙවත් සිහි නුවණින් වැඩ කිරීම එක් ආගමික කොට්ඨාසයකට නොව පොදුවේ සියලු මනුෂ්‍ය ප්‍රජාවට ම එක ලෙසින් වැදගත් වන බවත් විද්‍යාත්මක ව පවා විග්‍රහ කළ හැකි සතිමත් භාවය වර්ධනය කිරීමේ වැඩසටහන සතියක් දෙකක් සිදු කර ඉන් නොනවත්වා අඛණ්ඩ ව ම ප්‍රවර්ධනය කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා මාර්තු 27 දින සිට ඇරඹෙන ප්‍රථම පාසල් වාරයේ සෑම සතියක ම බදාදා දින වශයෙන් සති 12ක නියමු ව්‍යාපෘතියක් පළමු අදියරේ දී දිවයිනේ පාසල් 10,155 ම ආවර්ණය වන පරිදි දරුවන් උදෙසා ක්‍රියාත්මක කරන බව ද පැවසී ය. ඉන් පසු ව දින ගණන වැඩි කර සඳුදා, බදාදා හා සිකුරාදා යන දින තුනක් තුළ සතිපතා මෙම සතිපාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැය වන්නේ සතියක කාලච්ඡේදවලින් එක කාලච්ඡේදයකට එක විනාඩියක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා මතු වන අභියෝග ජය ගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

පන්ති කාමරය තුළ මනා ගුරු-සිසු අන්තර් සම්බන්ධතාවක් සහිත ව දැනුම සොයා ගොස් ලබාගෙන අන් අයටත් ලබා දෙන මට්ටමට අධ්‍යාපන ක්ෂේත්‍රය පත් විය යුතු බවත් පාසල් දරුවන් ලක්ෂ 42 මගින් ලක්ෂ 60ක් පමණ වන වැඩිහිටියන් වෙත ද සතිමත්බවේ පණිවිඩය යවමින් එය සමාජගත කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා සතිපාසල් පදනම එකාබද්ධ ව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ගරුතර සංඝරත්නය මෙන් ම අන්‍යාගමික පූජකවරුන් සහ අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP