logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමතුන්ට සරසවි අධ්‍යාපනයත් නිමවන තෙක් ශිෂ්‍යාධාර…
සඳුදා, 11 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමතුන්ට සරසවි අධ්‍යාපනයත් නිමවන තෙක් ශිෂ්‍යාධාර…

පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා (10)  සහ  බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවා වෙත, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 

ඉගෙනීමෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් සැපයීමේ අරමුණින් පිහිටුවා ඇති සී එල් සිනර්ජි ( CL Synergy)  ආයතනය මේ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලබයි. දක්ෂතා සහිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම සරසවි ප්‍රවේශය ලැබුවහොත් සරසවි අධ්‍යාපනය ද හමාර වනතුරු මාසික ව ශිෂ්‍යාධාර ලබාදීමට මෙම ආයතනය කටයුතු කරයි. දැනටමත් මෙම ආයතනය මගින් ඉගෙනීමෙහි සමත්කම් දක්වන දරුවන් පිරිසක් ශිෂ්‍යාධාර ප්‍රතිලාභ ලබමින් සිටින අතර පහ ශ්‍රේණි ශිෂ්‍යත්වයේ විශිෂ්ට සමතුන් වෙත එම ආයතනය විසින් මෙම ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරෙනුයේ ප්‍රථම වරටයි.

 මෙම ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන සෑම දරුවෙකුගේම කාර්ය සාධන ලිපි ගොනුවක් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අතර, දරුවා ඉගෙනුම ලබන පාසල, හා අධ්‍යාපන කලාපය සමඟ සම්බන්ධිකරණ කටයුතු පවත්වාගනිමින් දරුවා අත්පත් කරගන්නා ඉගෙනුම් ප්‍රවීනතාවන්, සහතික, සම්මාන, ජයග්‍රහණ සියල්ල පිළිබඳ එම ලිපිගොනුවෙහි තොරතුරු යාවත්කාලීන කෙරේ. CL Synergy ආයතනය එක් සිසුවෙකු වෙනුවෙන් මාසික ව රුපියල් 4500ක මුල්‍යාධාරයක් මේ යටතේ ලබාදෙන අතර එයින් රුපියල් පන්සියයක මුදලක් මාසිකව දරුවා නමින් ඇරඹෙන ගිණුමකට තැන්පත් කරනු ලැබේ.

දක්ෂතා සහිත දරුවන් දිරිගැන්වීම වෙනුවෙන් සහ ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ශක්තියක් ලබාදීම වෙනුවෙන් මෙම ආයතනය විසින් ලබා දී ඇති සහයෝගය අතිශයින් ම අගය කරන බව ද ඒ වෙනුවෙන් තම කෘතවේදී ස්තුතිය පළ කරන බව ද මෙහි දී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ද  , CL synergy ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා  මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම – 2023/05/15 දිනට සංශෝධිත

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ සතිඅන්තයේ දී

    මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම...
  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP