logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩඉම් ලකුණු අඩු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව සොයා බැලේ
සඳුදා, 01 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩඉම් ලකුණු අඩු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව සොයා බැලේ

2020 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ලබාදීම සඳහා නිර්ණය වූ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පිය හා ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද (01)  මාධ්‍ය වෙත  විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

1- 13 ශ්‍රේණි සහිත බාලක සහ බාලිකා පාසල් ද, මිශ්‍ර පාසල් ද , 6- 13 ශ්‍රේණි පවතින බාලක, බාලිකා සහ මිශ්‍ර ජාතික පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම පිළිබඳව ක්‍රියාවලියේ කිසිදු වෙනසක් කර නොමැත. පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගැනීමට සම්බන්ධව පෙර පැවති චක්‍රලේඛ අනුවම එම ක්‍රියාවලිය සිදු කෙරිණි. 2017, 2018, 2019 සහ  2020 යන වර්ෂයන්හි  පාසල්වලට ශිෂ්‍යත්වධාරීන්  ඇතුළත්  කරගැනීමේ ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් කර නොමැති බව ද ඒ අනුව අදාළ දෙමව්පිය හා ගුරු සංගම් වෙත තහවුරු කරන ලදී .

මෙවර ශිෂ්‍යත්ව සමතුන්ගේ  දිස්ත්‍රික් කඩයිම් ලකුණු ජනවාරි 15 වැනි දින නිකුත් කරන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ඒ සම්බන්ධ සියලු තොරතුරු යාවත්කාලීන කරන ලදී. එහෙත් මින් පෙර නොවූ ආකාරයක කඩයිම් ලකුණු ඉහළ යාමක් සහ ඒ තුළින් දරුවන්ට විශාල අසාධාරණයක් වී ඇති බවට  දෙමව්පියන් නගන අදහස  සම්බන්ධයෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය හැකි ආකාරය ද එහිදී පැහැදිලි කෙරිණි.හැකිනම් කඩයිම් ලකුණු අඩු කොට දරුවන්ට යම් සහනයක් සලසන ලෙස  දෙමව්පියන් විසින් කළ යෝජනාව අනුව, දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරිමට ඉදිරියේ දී සලකා බලනු ලැබේ.

ලකුණක් අඩු කිරීම තුළ වැඩිවන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතින පන්ති සංඛ්‍යාව තව දුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවද, පන්ති කාමර පහසුකම් මානව සම්පත් ඇතුළු ප්‍රායෝගික අභියෝග හමුවේ මෙය සංකීර්ණ කටයුත්තක් බවද, සියලු ජාතික පාසල්වල   මේ සම්බන්ධයෙන්  පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි මාසයක කාලය ඇතුළත දෙමව්පියන් විසින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු ක්‍රියාපිළිවෙතක්  අනුගමනය කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය . ඒ අනුව ශිෂ්‍යත්වධාරීන් ලියාපදිංචි කිරීමේ කටයුතු තවත් මාසයකින් ප්‍රමාද  කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය .

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP