logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශ්‍රී ලංකා – ප්‍රංශ අධ්‍යාපන සහයෝගිතා ශක්තිමත් වෙයි
අඟහරුවාදා, 06 ඔක්තෝබර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

ශ්‍රී ලංකා – ප්‍රංශ අධ්‍යාපන සහයෝගිතා ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අධ්‍යාපන සබඳතා සංවර්ධනයට සහ දෙරට අතර සහයෝගිතාව වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන් සැලසුම් කළ යුතු බව ද, විශේෂයෙන් ම විදේශ භාෂා අධ්‍යයනයේ වැදගත්කම සිසුන් වෙත අවධාරණය කළ යුතු බව ද,  ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීම සඳහා ප්‍රංශ රජයේ දායකත්වය අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ප්‍රංශ තානාපති එරික් ලවෙර්තු (Eric Lavertu) මහතා අතර ඊයේ (05) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවති අතර එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන් ලබාදෙන දායකත්වය සම්බන්ධව විශේෂ ප්‍රසාදය පළ කළ තානාපතිවරයා, ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රගතිශීලී වෙනස්කම් රැසක් සිදුකරන්නට අපේක්ෂා කරන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමඟ පැවති විශේෂ හමුවක දී එතුමන් විසින් සඳහන් කළ බව ද පැවසීය.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය තුළ  සිසුන්ට මූලික උපාධි  සහ පශ්චාත් උපාධි අවස්ථා ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ අතර, පවතින කොවිඩ් තත්ත්වය යහපත් වූ  පසු, ඉදිරියේ දී එවැනි අවස්ථා සම්පාදනයට සහ පවත්නා අවස්ථා වඩාත් පුළුල් කිරීමට කටයුතු කළ හැකි බව තානාපති ඔරෙලියන් මෙයිට් මහතා සඳහන් කළේය. එමෙන්ම, මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රංශ භාෂාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළක් සැලසුම් කිරීමට ද මෙහි දී සාකච්ඡා විය.

අධ්‍යාපන අමාත්‍යාංශය විෂය භාර රාජ්‍ය අමාත්‍යාංශ හතරක් යටතේ වඩාත් පුළුල් වපසරියක් සහිතව ක්‍රියාත්මක වීම නිසා ඉදිරි අධ්‍යාපන සැලසුම් ක්‍රියාවට නැංවීම වඩාත් පහසු වී ඇති බව මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.   

මේ අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔරෙලියන් මෙයිලේ (Aurelien Maillet), සංස්කෘතික හා සහයෝගිතා උපදේශක බර්නාඩ් ලෙලාර්ජ්( Bernard Lelarge), ප්‍රවෘත්ති උපදේශිකා දිනුෂා ඉලේපෙරුම ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික සහකාර චරිත් මධුෂංක මාරඹේ මහතා ද එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    දැනුවත් කිරීමේ ලිපිය මෙතැනින් බාගත කරගන්න...
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට අදාල සන්ධාන භාෂා (ඉංග්‍රීසි) විභාගය 2021 (2022)

    අදාල ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022. 07. 22...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...
  • 2022.08. 08 – 2022.08.12 සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම.

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022....
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි ) විහාගය 2021(2022)

    අදාළ ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022.07.22 ද...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP