logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • ශාස්ත්‍රීය පුවත්
  • ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය වන වව්නියාව විශ්වවිද්‍යාලය අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්.
අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 / Published in ශාස්ත්‍රීය පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය වන වව්නියාව විශ්වවිද්‍යාලය අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්.

 වව්නියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් 2022.02.11 දින සිදුවිය. ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, යදාමිනි ගුණවර්ධන, කුලසිංහම් තිලීපන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති  මහාචාර්ය සම්පත් අමරතුංග, වව්නියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තම්බු මංගලේස්වරන්  යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි විය.

එහි දි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ කතාව:

         අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම අධ්‍යාපන මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත්වීම ‍ඓතිහාසික අවස්ථාවක්. අවුරුදු තිහකට අධික කාලයක් මෙම ස්ථානය අධ්‍යාපන මණ්ඩපයක් ලෙස සියලු දෙනාගේ උට්ඨාන වීර්යෙන් උසස් අධ්‍යාපන කටයුතු කරමින් පවත්වා ගෙන ආවා. ඒ කටයුතු පිළිගනිමින් මෙය විශ්වවිද්‍යාලයක් තත්ත්වයට පත්කරමින් ප්‍රකාශයට පත්කරන්නට හැකිවීම අපේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක්. එය නිල වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් නිවේදනයට පත් කිරීම සුවිශේෂි අවස්ථාවක් ලෙස මා සලකනවා.

        විශ්වවිද්‍යාලයක් යනු විශ්ව දැනුම පුළුල්ව ලබා දෙමින් අධ්‍යාපනය තරණය කරන්නට අත්වැළක් වන උසස් අධ්‍යාපන ආයතනයක්. එම තත්ත්වයට මෙය පත්කිරීම පිළිබඳ ව අතිගරු ජනාධිපතිතුමන්ට කෘතඥතාවය පළ කරනවා.

        ඒ වගේම මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ පීඨයන් වගේම වගකිම් ඉෂ්ට කළහැකි ක්‍රියාදාමයක කොටස් කරුවන් වශයෙන් අපේ රටේ විශ්වවිද්‍යාල දාහතම කටයුතු කරන බවටත් ඔවුනොවුන් අතර වගේම ප්‍රාදේශිය වශයෙන් විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවයන් ඉටුකිරීමට පුළුවන් ක්‍රියාදාමයකට යොමුවීමේ වැදගත්කම අතිගරු ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබෙනවා.

       අපි න්‍යායික වශයෙන් ඉගෙනගන්නා විෂයයන් පමණක් නොව ප්‍රායෝගිකව ජාතික ආර්ථික සංවර්ධනය හා ඒකාබද්ධ වියහැකි ලෙස විශ්වවිද්‍යාලය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය අතිගරු ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබෙනවා.

       අප ඒ මඟ පෙන්වීම යටතේ වව්නියා විශ්වවිද්‍යාලයෙන් ඉතා ගැඹුරින් ඉටුකිරීමේ කර්තව්‍යයට කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. මෙයින් නික්මෙන සිසු දරුවන් ජාතියට ආඩම්බරයක් වෙනවා. ඒ වගේම මෙම විශ්වවිද්‍යාලය ජාතියට ආඩම්බරයක් වෙනවා. ඒ තුළින් ලොවට ඵලදායි දරුවන් දායාද කළහැකි බව විශ්වාස කරනවා.

      මේ මහපොළව සරුසාර මහපොළවක්. මෙහි සොයාගත් දෙයට වඩා සොයා නොගත් ප්‍රමාණයන් වැඩි. මෙය වව්නියා මුලතිව් වගේම මන්නාරම් දිස්ත්‍රීක්කය ඒ බැව් කියාපානවා. මේ වව්නියා දිස්ත්‍රීක්කය සුවිශේෂි බුද්ධිමතුන් බිහිකළ ප්‍රදේශයක්. ශ්‍රි සුන්දරලිංගම් ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලයේ ගණිත ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා හැටියට එතුමා ඉටුකළ කාර්යභාරය අති සුවිශේෂයි. ඒ නාමය වවිනියාවත් එක්ක බැඳී පවතිනවා. ශ්‍රී සුන්දරලිංගම් මැතිතුමා ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් පසුකාලීනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළා. ගණිත ශ්‍රාස්ත්‍රය පිළිබඳ එතුමා පෙන් වූ ඒ දැවැන්ත හැකියාවන් වටිනාකම් විශ්වවිද්‍යාලයට එකතුවන සියලුදෙනාටම අධ්‍යයන කටයුතු වලට ඉවහල්වෙනවා. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමඟ අධ්‍යයන කටයුතු වලට එකතුවන අනෙකුත් ක්ෂේත්‍රවල විවිධ පර්යේෂණ වගේම අපි ප්‍රායෝගිකව දැකිය යුතු අලුත් ක්ෂේත්‍ර ප්‍රාදේශීය හැටියට සංවර්ධනයට එක්කර ගැනීමට අපි කටයුතු සලසනවා.

      මේ ප්‍රදේශයේ මහපොළව යට ලෝක ප්‍රසිද්ධ මන්තායි වරාය පිහිටා තිබෙනවා. ඒ නිසා අපේ මන්ත්‍රී මස්තාන් මැතිතුමා නිතර සඳහන් කළේ ඒ මන්තායි වරාය පිළිබඳ තොරතුරු සම්භාරය ගැන. මා විශ්වවිද්‍යාලයේ සැමටම කියා සිටින්නේ ඒ අලුත් ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් ඇතිකර නව පර්යේෂනයන්ට මඟපාදන ලෙසය.

     මෙම උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ සුවිශේෂි උනන්දුවත් අපේ උසස් අධ්‍යාපන ආයතයන්හි ජාතික අධ්‍යාපන පද්ධතියට දක්වන උනන්දුවත් නිසා මෙම ක්‍රියාදාමයට සාර්ථකව පරිවර්තනය කර ගත හැකිවීමෙන් මෙම විශ්වවිද්‍යාලය ඇතිවෙනවා.

     අපි මේ විවෘත කරන අලුත් දොරටු අතිගරු ජනාධිපතිතුමාගේ සැලසුම් කර ඇති සංවර්ධන වැඩපිළිවෙලෙහි සුවිශේෂි ඉදිරි ගමනට එක්වෙනවා.

     අද දින විශ්වවිද්‍යාලයක් බවට පත්වන මෙය සියලු දරුවන්ට පමණක් නොව ආචාර්ය මහාචාර්යවරුන්හට ඒ අභියෝගය ඉටුකිරීමේ වගකීමේ ජයග්‍රහණයට ගමන් කළ යුතුයි. අද ලෝකය වේගයෙන් ගමන් කරන කාල පරිච්ඡේදයක ජීවත්වන අපි විද්‍යා, තාක්ෂණය අලුත් තොරතුරු සමුදායන් සොයන අලුත් සමාජයක් සැකසිය යුතු කාලයයි. මෙම විශ්වවිද්‍යාලයට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අප කැප වී සිටිනවා.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP