logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Uncategorized @si
  • ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී (05) දින සිදුවිය
සඳුදා, 08 නොවැම්බර් 2021 / Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී (05) දින සිදුවිය

අනාදිමත් කාලයක සිට ආර්ථික, සංස්කෘතික, දේශපාලනික හා සමාජීය  වශයෙන් ශ්‍රී ලංකාව හා බැඳී කටයුතු කරන මහජන චීන සමුහාණ්ඩුව ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිත්‍රයෙක් ව, දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ දුෂ්කරතා අවස්ථාවලදී දුන් සහයෝගය පිළිබඳව පළමුව    අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ගෞරවය පුද කළේය.

 ශ්‍රී ලංකාවේ  අධ්‍යාපන අධ්‍යනයන්ට හා පර්යේෂණ හා පුහුණු කිරීම් ක්ෂේත්‍රයට එවක් පටන් මේ දක්වා ලබාදුන් ආධාර හා අනුබලයන්  පිළිබඳව අමාත්‍යවරයා ස්තුති කළේය. මේ වනවිට ශ්‍රී ලංකාවේ පාසල් ආරම්භය කාල රාමුවකට අනුගතව අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර,  එහිදී දෙලක්ෂ තිස්දහස ඉක්ම වූ ගුරු භවතුන් සඳහා එන්නත්කරණය ඉක්මන් කළ හැකි වුයේ චිනයෙන් ලද    සහයෝගය  නිසා බවත්, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යතාවත් කරන්නට මහත් ශක්තියක් වු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර නොවිසිදුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳව මෙහි දී කතිකා විය.     තානාපතිවරයා පැවසුයේ අමාත්‍යවරයා කුමන ක්ෂේත්‍රයක සිටියත් අමාත්‍යවරයා චීනයේ ලබැදි මිතුරෙක් බවයි. එමෙන් ම අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යධූරය ලැබීම පිළිබඳව චිනයේ විදේශ අමාත්‍යවරයා සුබ පැතූ බවත් ය.

  චීන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර අන්තර් හුවමාරු අධ්‍යයන ක්‍රමවේදයන් ඇති කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්හි තොරතුරු තාක්ෂණ පහසුකම් දියුණු කිරීමට චීනයෙන් ලබාගත හැකි සහයෝගයන් පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කෘෂි තාක්ෂණික විශ්ව විද්‍යාලයක්   හම්බන්තොට ස්ථාපිත කිරීමට  චීන රජයෙන් ඉල්ලා ඇති අතර ඉන් ශ්‍රී ලාංකික කෘෂිකර්ම     සංවර්ධනයට ඉතා ශක්තියක් වන  බවත්  ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්  අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. විශ්ව විද්‍යාල මෙන් ම දෙරටේ විද්‍යාපීඨ හා පාසල් අතර ද අන්තර හුවමාරු සබඳතා ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා වන නියමු ව්‍යාපෘතියක් සඳහා පාසල් ප්‍රමුඛතාවයක් ලබා දෙන මෙන් තානාපතිවරයා ඉල්ලා සිටියේ ය.

 එමෙන් ම හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය පිළිබඳව පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් කරා යා හැකි මංපෙත් විවර වී ඇති බව තානාපතිවරයා පැවසීය Logistic  International Hub දක්වා සංවර්ධනය විය හැකි බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම චීනයේ නේවාසිකව අධ්‍යයන කටයුතු කරමින් සිට කොවිඩ් වසංගත හේතුවෙන් නැවත සියරට පැමිණි ශිෂ්‍යයන් ට මාර්ගගතව  අධ්‍යාපන කටයුතු සිදු කළ ද වෛද්‍ය වැනි අධ්‍යයන කටයුතු  ප්‍රායෝගිකව කළ යුතු බැවින් නැවත ඔවුන්ට චීනයට යාමේ අවස්ථා සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය. චීන ශ්‍රී ලංකා සහල් රබර් ගිවිසුම ඇතුලු චීන ශ්‍රී ලංකා අතීත සබඳතා ගැන ස්මරණය කළ  තානාපතිවරයා හා අමාත්‍යවරයා එකී බැඳීම් දිනෙන් දින තරවන බව ප්‍රත්‍යක්ෂ කළේය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP