logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟ වෙයි
අඟහරුවාදා, 25 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟ වෙයි

මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්  නිපුනතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය, අධ්‍යාපන ලේකම් කේ. කපිල සී.කේ. පෙරේරා මහතා  ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති විශේෂ හමුවක දී ඉන්දීය මහකොමසාරිස්වරයා මේ අදහස් පළ කළේය. 

දැනටමත් ශ්‍රී ලංකාව වෙත මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඉන්දියාව සහාය ලබා දෙමින් සිටින බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර පෙන්වා දෙන්නේනම් ඉදිරියේ දී එම සංවර්ධන ක්‍රියාමාර්ග සදහා සහාය ලබාදිය හැකි බව ද ගෝපාල් බාග්ලේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට රැකියා වෙළඳපොළ සහ වෘත්තීය අධ්‍යාපනය අතර නොගැළපීම් පවතින බවත්, මේ තත්ත්වය වෙනස් කළ යුතුව පවතින බවත්, දැනට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම තුළ බොහෝ ආයතන තුළ පවත්නා සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේද වෙනුවට සිසුන් අභිප්‍රේරණය කළ හැකි නව ඉගෙනුම් ක්‍රමවේද කරා යොමු වීමේ අවශ්‍යතාව පවතින බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කළේය.

තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් බිහිකිරීම වෙනුවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීම (TOT) සඳහා මෙන් ම, දෙරට අතර සුහදතා හුවමාරු වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට හා වෘත්තීය අධ්‍යාපන හා තාක්ෂණික විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව මාර්ගගත (Online) පාඨමාලා පුළුල් මට්ටමින් හඳුන්වාදීමට  ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරන බව ද  අමාත්‍යවරයා කියාසිටියේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP