logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරේ
අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධාරණය කරන පරිදි සංවර්ධනයේ ඉහළ ම හිණිපෙත්තට ළගාවිය හැකි නූතන තාක්ෂණික දැනුම සහ භාවිතය නොපමාව අත්පත්කරගත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා (20) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රමුඛ පීඨාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සමග පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

2020 වර්ෂය සදහා විශ්වවිද්‍යාල හයක ඉංජිනේරු පීඨ වෙත වෙනත් වර්ෂවල ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවට වඩා අමතර සිසුන් 405ක් සහ වෛද්‍ය පීඨ වෙත අමතර සිසුන් 360ක් ඇතුළත්කිරීමට අදාළ ව භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරිණි.

විශ්වවිද්‍යාලවලින් බිහිවන විශිෂ්ට කෘති පාසල් දරුවන්ගේ පරිශීලනයට යොදාගැනීම සදහා වැඩපිළිවෙළක් ඉදිරියේ දී සැලසුම් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී  අවධානය යොමු කෙරිණි. තව ද විශ්වවිද්‍යාල තුළ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා උපදේශකවරුන් පත්කිරීමට හා ඒ සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව සකස් කිරීමට ද පියවර ගැනීමට යෝජනා විය.

දැනට පේරාදෙනිය විශ්විද්‍යාලය තුළ පමණක් පවත්නා දන්ත සහ පශු වෛද්‍ය රෝහල් නඟාසිටුවීම වෙනුවෙන් මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට විශේෂ ප්‍රතිපාදන ලබාදීමට වැඩපිළිවෙළක් යෙදීමට ද මෙහි දී එකඟත්වය පළ කෙරිණි.

එමෙන් ම අධ්‍යයන හා පරිපාලන කටයුතුවල දී පීඨාධිපතිවරුන්ට පවත්නා ගැටළු හා අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒවාට අදාළව ලබාදිය හැකි දීර්ඝකාලීන හා කෙටිකාලීන විසදුම් ද මෙහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

බාහිර උපාධි පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාවට නංවන ආකාරය සහ ඒවායේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

පීඨාධිපතිවරුන්, උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවර සාකච්ඡා කිරීම වෙනුවෙන් පවත්වන වැඩසටහන් මාලාවේ දිගුවක් ලෙස මෙම සාකච්ඡාව ද පැවැත්විණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, යන මහත්වරුන් මෙන් ම එම විශ්වවිද්‍යාලයේ සියලු පීඨාධිපතිවරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP