logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • විභාග සඳහා දින තීරණය වෙයි
සිකුරාදා, 24 ජූලි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

විභාග සඳහා දින තීරණය වෙයි

  • උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි සඳුදා සිට
  • පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා…

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වැනි සඳුදා සිට නොවැම්බර් 06 වැනි දා තෙක් පැවැත්වීමටත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

 කොවිඩ් -19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් 2020 අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටින සිසුන්ට අහිමිවූ ඉගෙනුම් කාලය ආවරණය කිරීම පදනම් කරගෙන, විභාගයට සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලීම් රැසක් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලැබී තිබුණු අතර, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු විය. ඒ අනුව අ.පො.ස (උ/පෙළ) ට පෙනී සිටීමට නියමිත සිසුන් සහ උසස් පෙළ ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදන ගුරුභවතුන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ද සිදු කරන ලදී.

එමෙන් ම මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විභාග සඳහා දින තීරණය කිරීමේ දී දරුවන්ගේ පාර්ශවයෙන් වඩාත් සාධාරණ වන අයුරින් කටයුතු කළ යුතු බවට අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන්  මෙන් ම අධ්‍යාපන අමාත්‍යතුමන්ගෙන් ලැබුණු මගපෙන්වීම් හා උපදෙස් ද අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ගත වූ දුෂ්කර කාලසීමාව තුළ නිවෙස්ගතව සිටි දරුවන්ගේ අධ්‍යයන කටයුතු මගනොහැර කරගෙන යාමට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදුන් රටේ සියලු ගුරුභවතුන්ටත්, තමන්ට අහිමි වූ පාසල් කාලය නිවසේ සිට ඵලදායී අයුරින් ගත කිරීම වෙනුවෙන් අධ්‍යයන කටයුතු අත්නොහැර සිදු කළ සියලු දූ පුතුන්ටත්, අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීම හරහා දරුවන්ගේ ඉගෙනුම් කාර්යයට සහාය වූ සියලු රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා, පුවත්පත්, සමාජ ජාලා  ඇතුළු සියලු මාධ්‍ය ආයතනවලටත් අධ්‍යාපන ලේකම්වරයා සිය කාතවේදීත්වය පළ කළේය.

පාසල් පැවැත්වෙන දින හා විභාග පැවැත්වෙන දිනයන්හි සිදුකරන ලද ඉහත සංශෝධනයන්ට අනුව, මෙරට සියලුම පාසල් සඳහා දෙවන වාර නිවාඩුව ඔක්තෝම්බර්  09 වන දින ආරම්භ වී නොවැම්බර් 14 වන දිනෙන් අවසන් වන අතර,  තුන්වන පාසල් වාරය නොවැම්බර් 16 වන දින සිට ආරම්භ කෙරෙන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම රටක් වශයෙන් පොදුවේ අප මුහුණ දී සිටින මෙම බැරැරුම්  අවස්ථාව සියුම් ව අවබෝධ කරගනිමින්,  දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් ඉගෙනුම් කාලයට  එල්ල වූ බලපෑම සහ ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාව ජය ගත යුතු අභියෝගයක් ලෙසට භාරගන්නා ලෙස අධ්‍යාපන  අමාත්‍යාංශය සමස්ත සිසු පරපුරෙන් ඉල්ලා සිටියි.

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

 

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...
  • 2022.08. 08 – 2022.08.12 සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම.

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022....
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි ) විහාගය 2021(2022)

    අදාළ ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022.07.22 ද...
  • අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023

    රට තුල පවතින වර්තමාන තත්වය මත පවතින අපහසුතා සැල...
  • 2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.

    2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇ...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP