logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි”- අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්
බදාදා, 27 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි”- අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්

අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ  අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (27)  පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනය‍ට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ආර්ථික, දේශපාලනික, සාමාජයීය, අධ්‍යාපනික ආදී සෑම අංශයකින් ම කිසියම් පසුබැසීමක් ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අපේ රටේ අධ්‍යාපනය තරමක් ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් පවසන්නට පුළුවන්. අපට අවශ්‍ය වන්නේ විපතින් සැපතට රට ගෙනයාමට යි. ඒ සඳහා මැදිහත්වීම සම්බන්ධ ව මගේ සතුට සහ ගෞරවය මේ අවස්ථාවේ ජාතික විද්‍යා පදනමට පිරිනමන්නට කැමතියි. මේ වනවිට අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ඇතිවී තිබෙන යම් යම් පසුබෑම්වලින් අපි ඉදිරියට යා යුතු යි. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් අවශ්‍යයි” යනුවෙන් පැවසීය.

කොවිඩ්  වසංගතයේ බලපෑම අවම කරගනිමින්, අභියෝගයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ලොව පුරා සිටින බුද්ධිමතුගේ අදහස් සාධනීය ලෙස අප රටට අවශෝෂණය කරගැනීමට මේ සම්මේලනය අවස්ථාව උදාකර දෙන බවත්, සෞඛ්‍ය, මානසික සුවය, ආර්ථිකය, පරිසරය, අනෙකුත් මානව සබඳතා, පර්යේෂණ, නවෝත්පාදන, යහපාලනය, සාමාජීය ජීවිතය ආදී සියලු කාරණා පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇති  බවත් . ඒ අනුව, රටට අවැසි ක්‍රම සහ විධි හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකසන්නට අපට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලොව ප්‍රකට වෛරස විද්‍යාඥයෙක් ලෙස සැලකෙන මහාචාර්ය මලික් පීරිස් මහතා පැවසූ පරිදි මෙය අපට පමණක් නොව සමස්ත ලෝකයට ම මීට පෙර අත්දැකීමක් නොතිබුණු තත්ත්වයක් බව ද,  මේ නිසා අපේ රටේ අංශ ගණනාවක් අඩපණ වූ නමුත් ප්‍රශ්න ඉදිරියේ පැනයාමට අවශ්‍ය නොවන බවත්,  කොවිඩ් එන්නත ලංකාවට ගෙන්වූ පසු එය ක්‍රමානුකූලව ලබාදීමට ත් රජය කටයුතු යොදන බවත්, මේ සියල්ල  සමඟ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්න‍ට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර අවශ්‍ය පියවර ක්‍රියාවට නංවමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රටවල් ගණනාවක පර්යේෂණ පත්‍රිකා 90ක් පමණ මෙහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව ද. ඒ තුළ නිපදවෙන සහ එයින් මතුවන නව දැනුම රට මුහුණ දී ති‌බෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට යොදා ගන්නට හැකිවනු ඇති බව ද, එබැවින් මෙය ඉතා කාලෝචිත සම්මේලනයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික විද්‍යා පදනමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් සේනාරත්න, එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තමරා එෆ්.ඩයස්,  මහාචාර්ය මලික් පීරිස් ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP