logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.
බදාදා, 29 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට මාර්තු 31 වන දා සිට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ස්ටීම් අධ්‍යාපනය මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් අධ්‍යාපනඥයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇති බවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

 ලොව අංක එකේ අධ්‍යාපන ක්‍රමය පවතින ෆින්ලන්තයේ පවතින්නේ ද මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය බවත් අප රට තව මත් ඊට අනුගත ව නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය මැන බැලීමට 15 වයස් සීමාවේ පසු වන දරුවන්ට වාර්ෂික ව පවත්වන පීසා නම් වූ ජාත්‍යන්තර තක්සේරුකරණ පරීක්ෂණය (PISA- Program for International Students Assessments)  සඳහා පෙනී සිටීමට මෙරට දරුවන්ට අවස්ථාව නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ටීම් අධ්‍යාපනය වසර 20ක් ක්‍රියාත්මක වීමෙන් පසු ව එරට ජාතික ආදායමෙන් 62%ක් නියෝජනය කරන්නේ ද ස්ටෙම්-ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බිහි වූ නවෝත්පාදකයන් ඇතුළු නිර්මාණශීලී පුරවැසියන් බවත් මෙහි දී සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ තොරතුරු පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පන්ති කාමරයට සීමා නොකර කෞතුකාගාර, මින් මැදුරු වැනි විවිධ ස්ථාන හා පරිසරය සමග මුසු වී ප්‍රායෝගික නිරීක්ෂණ සහ අද්දැකීම් ලැබීමට අපේ දරුවන්ට ද අවස්ථාව සලසා දිය යුතු බවත් ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් බිහි කර පාසල් දරුවන්ට පැමිණ භාවිත කිරීමට අවකාශ සලසමින් නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි නැගී එන විෂයන් පාසල් දරුවන්ට ද විවර කළ යුතු බවත් නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ මොඩ්‍යුලර් භාවිතය ඊට මනා රුකුලක් වන බවත් ප්‍රකාශ කළේ ය.

දක්ෂ ගුරුවරුන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ මානව සම්පතක් අප සතු නිසා මෙම අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම එතරම් අපහසු නොවන බවත් දරුවන්ගේ ම අදහසක් වූ ‘ස්ටීම් පාසලෙන් දකිමු – වැඩ කරමු – අනාගතයට පිය නගමු’ තේමාව ඔවුන් ජයගන්නා ආකාරය අපට දැකගත හැකි වනු ඇති බවත් කී අමාත්‍යවරයා ඉදිරියේ දී අධ්‍යාපන    අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම, විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පුහුණු ආයතන සමග සහසම්බන්ධ ව පළමු වතාවට මෙරට ක්‍රියාත්මක කරනු ලබන මෙම ස්ටීම් අධ්‍යාපන වැඩසටහන මගින් උසස්      අධ්‍යාපනය හා සාමාන්‍ය අධ්‍යාපනය අතර ඇති පරතරය අවම කෙරෙනු ඇතැයි ද එමගින් 21 වෙනි සියවසේ         අභියෝග ජයගත හැකි තාර්කික චින්තනයෙන් හෙබි දරුවන් පිරිසක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත් පැවසී ය. එසේ නොවුණහොත් දැනට ද ක්‍රියාත්මක ‘පන්ති කාමරයට උපකාරක පන්තියට ගොස් දේශන අසා පාඩම් කර මතක තබාගෙන විභාගෙට ලියන’ යල් පැනගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයෙන් ගැලවීමට නොහැකි වනු ඇතැයි ද හෙතෙම පැවසී ය.

 පෙළපොත් වැනි භෞතික සම්පත් සිසුන්ට නිසි කලට ලබා දී මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ සාර්ථක ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා කොළඹ නවරඟහලේ දී මාර්තු 31 වන දා එහි සමාරම්භක වැඩසටහන පැවැත්වෙන බවත් ප්‍රකාශ කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP