logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ලබන සඳුදා වන විට ගුරු-සිසු පාසල් ප‍්‍රවාහනය සාමන්‍ය තත්වයට –
බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ලබන සඳුදා වන විට ගුරු-සිසු පාසල් ප‍්‍රවාහනය සාමන්‍ය තත්වයට –

– ගෝල්ෆෙස් පිටිය අරගලවලින් තොර නොවීම, විදෙස් විනිමය උපයන සංචාරක ව්‍යාපාරයට මහත් බාධාවක්
ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම මේ වන විට 80%ක් හා 73% ක් ඉක්මවා ඇති බවත් ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව, පෞද්ගලික වෑන් හා බස් සංගම් ආදී සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් යටතේ ‘පාසල් සේවාව‘ වැනි නව ප‍්‍රවාහන සේවා පිහිටුවා සතියේ දින දෙකක් තුළ ඔවුන්ට ඩිපෝ මගින් ඉන්ධන සපයමින් පාසල් ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති අතර ලබන සඳුදා වන විට මේ තත්වය තවදුරටත් යථාවත් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය. එ් සභානායක ධුරයට පත්වීමෙන් පසු බෙල්ලන්විල රජ මහා විහාරවාසී පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබා ලැනීමෙන් අනතුරැවය. පාසල් දරුවන්ට අහිමි වූ පාසල් කාලය, නිවාඩුවලින් අඩු කර වැඩිපුර වැඩ කිරීම මගින් ආවරණය කරන බවත් 2020, 21, හා 22 වර්ෂවල මුල පැවති ‘කොවිඞ්‘ ව්‍යසනය නිසා පමා වූ විභාග බොහොමයක් මේ වන විට පවත්වා ඇති අතර ඉතිරි විභාග කඩිනමින් පවත්වා ඉදිරි වර්ෂයේ දී විභාග නිසි කලට පැවැත්වීමේ කටයුතු යාවත්කාලීන කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, රට ස්ථාවර කිරීමට මේ අවස්ථාවේ හදිසි නීතිය අවශ්‍ය වන බවයි. හදිසි නීතිය පැනවු නමුත් එහි සියලූ රෙගුලාසි එලෙසින් ම ක‍්‍රියාත්මක නොකළ බවත් රටට ආණ්ඩුවක් පැවතිය යුතු අතර එය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව රැක ගැනීම සඳහා ක‍්‍රියා නොකළා නම් විදේශීය මූල්‍ය ආයතනවලින් රටට ණය ආධාර, විදේශ ආයෝජන නොලැබෙන බවත් ඔහු පැවසී ය. රටේ දැවෙන ගැටලූ විසඳීමට දේශපාලන ස්ථාවරත්වය පැවතිය යුතු අතර ජනතාවට තිබෙන ගැටලූ ආණ්ඩුව භාර ගැනීම නිසා සංකීර්ණ ගැටලූ රැසකට මුහුණ දීමට රජයට සිදු ව ඇත්තේ, රටේ මුදල් සංචිත නොමැති, විදේශීය ණය නොලැබෙන, විදේශ පේ‍්‍රෂණ අඩු වී, ලෝක ආර්ථික අර්බුදයක් ද පවතින වාතාවරණයක් තුළ බවත් රජය තරුණයන්ගේ හඬට සාවධාන අවධානය යොමු කරන අතර ගෝල්ෆෙස් පිටිය වැනි ස්ථාන මෙසේ අර්බුදකාරී ව පැවතීම විදෙස් විනිමය ලැබෙන සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP