logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වෙනි ගුණානුස්මරණය
බදාදා, 30 මාර්තු 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වෙනි ගුණානුස්මරණය

ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ, ජාතික වීරවර
පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වෙනි ගුණානුස්මරණය …

නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා අධිරාජ්‍ය විරෝධී ජාතික සටනට උර දෙමින් ලංකා සමාජවාදී ව්‍යාපාරය බිහි කළ, ‘බොරළුගොඩ සිංහයා’ ලෙසින් විරුදාවලි ලද ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වෙනි ගුණ සැමරුම 2022. 03. 29 දින කොළඹ 07, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විය.
අධිරාජ්‍යවාදී පොපි මල් ව්‍යාපාරයට එරෙහි ව බිහි කළ සූරිය මල් ව්‍යාපාරය හරහා සමාජවාදී දැක්ම ඔස්සේ සමාජ ප‍්‍රගමනය අපේක්ෂා කළ පිලිප් ගුණවර්ධනයන් කුඹුරු පනත හඳුන්වා දෙමින් දස අවුරුදු කෘෂිකාර්මික සැලැස්මට අනුව සමුපකාර සංවර්ධන බැංකු පිහිටුවා ගොවීන්ට ණය ආධාර සපයමින් කෘෂි ආර්ථිකය ගොඩනැංවීමට කැපවීමෙන් ක‍්‍රියා කළ අතර වරාය ජනසතු කිරීම, බස් ජනසතුව වැනි ඓතිහාසික තීන්දු ක‍්‍රියාවට නංවමින් ද ජනතා ශුභ සිද්ධියට ඉමහත් සේවාවක් සිදු කර ඇති අතර එවක ලංකා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හා ලංකා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකාරී මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් ප‍්‍රධාන අමාත්‍යධූර කිහිපයක් ම හොබවා ඇත.
මෙම ගුණ සැමරුම් උත්සව සභාවේ මුලසුන අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් හොබවන ලද අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ. මෙහි ප‍්‍රධාන දේශනය මහාචාර්ය ගාමිණී සමරනායක මහතා විසින් පවත්වන ලද අතර ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර මහතාගේ විශේෂ දෙසුමක් ද පැවැතිවිණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, නිමල් සිරිපාල ද සිල්වා, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත යන ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මෙන් ම යදාමිණි ගුණවර්ධන, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා තානාපතිවරුන් ඇතුළු විවිධ විද්වතුන් සහ පවුලේ ඥාතීන් ද එක් ව සිටි මෙම ගුණානුස්මරණ උත්සවය, පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය විසින් සංවිධානය කර තිබුණි. පිලිප් ගුණවර්ධනයන්ගේ පිළිරුවට ඔහුගේ මිණිපිරිය සංඛපාලී ගුණවර්ධන විසින් මල් දාමයක් පළඳවමින් පුෂ්පෝහාර දැක්වීම ද මෙහි දී සිදු විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP