logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි. – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
අඟහරුවාදා, 23 අගෝස්තු 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි. – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

● අපේ රටේ ප්‍රධානතම ගැටලුවක් වන්නේ මධ්‍යම පරිමාණයේ කාර්මික ශිල්පීන්ගේ හිඟයයි
● ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75%, විද්‍යාව හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25%.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75්‍රක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25්‍රක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බල ගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී යග ඒ මහතා මේ බව පැවසුවේ සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වන තාක්ෂණික පාඨමාලාව සාර්ථක ව හදාරා අවසන් කළ නිපුණ ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ කැණිමඬල ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන්ට මූලිකත්වය දෙමින් බටහිර රටවලින් ආරම්භ වූ ‘ස්ටෙම්’ අධ්‍යාපන සංකල්පය (STEM Education) වර්තමානය වන විට කලා විෂය ද ඇතුළත් ව ‘ස්ටීම්’ (STEAM) ලෙස වර්ධනය වී ඇති බවත් මේ සංකල්පය, ඉදිරි වසර 10 තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හැරවුම් ලක්ෂයක් සේ භාවිත කරමින් ග්‍රාමීය පාසල් වෙත ද එම විෂයන්ට අදාළ ගුරුවරුන් හා අදාළ පහසුකම් සැපයීමෙන් ඉදිරියේ දී උපාධිධාරී විරැකියාව නිමා කළ හැකි බවත් පැවසී ය.
එසේ ම මධ්‍යම මට්ටමේ කාර්මික ශිල්පීන්ගේ හිඟය, අප රට මුහුණ දී සිටින ප්‍රමුඛ ගැටලුවක් වන අතර එය පියවීම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඇතුළු ආයතන දායක වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම විෂය ආවරණය වන තාක්ෂණ අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශ තුන ම මානව සම්පත් සංවර්ධනය යන පොදු විෂයට ගොනු කර කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තාක්ෂණ විෂය දැනුම භාවිත කරමින් ඒ ඔස්සේ ඉදිරියට යෑම සඳහා පේරාදෙණි, රුහුණු, කැලණි හා යාපනය යන විශ්වවිද්‍යාල ඒකාබද්ධ ව ලබා දෙන සහාය, කෘතවේදී ව සිහිපත් කළේ ය.
නිසි පර්යේෂණ, සමීක්ෂණ සිදු කර දේශපාලන පදනමින් තොර ව ඉදිරි ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් එම ව්‍යාපෘතිවල අඛණ්ඩ පැවැත්ම තහවුරු වන අතර ඒ ඔස්සේ ලද හැකි ව්‍යවසායකත්ව දැනුම, පාඨමාලාලාභීන්ගේ රැකියා නියුක්තිය ඉහළ නංවන, එසේ ම ස්වයං රැකියාවල නියැළීමට ද ඉඩ ප්‍රස්ථා විවර කර දෙන මනා වූ දැනුමක් වන බවත් පෞද්ගලික අංශයට පවා මෙය, මනා ආයෝජන අවස්ථාවක් වන බවත් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර ව මේ සම්බන්ධයෙන් සිතා බලා ප්‍රතිපත්ති තීරණ ගැනීම මත රටට ඉදිරියට යා හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය සේවයට මෑත දී බඳවාගත් උපාධිධාරීන් 53,000 අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ට විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරුන් වශයෙන් බඳවාගෙන ඔවුන් උපාධියට අමතර ව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මගින් ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන බව ද අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී පැවසී ය.
මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන් මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...
  • ඉදිරියේ දී උසස් පෙළ වාණිජ සිසුන් බැංකු වෙත ගොස් වාණිජ විෂය පිළිබඳ න්‍යායත්මක දැනුම ප්‍රායෝගික ව සහභාගීත්ව නිරීක්ෂණයට ලක් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරයි.

    – උසස්පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය හා සාමා...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම – 2023

    නිලධාරින්ගේ ලේඛනයකැඳවීමේ ලිපියආකෘති පත්‍රය...
  • නිවේදනයයි -අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

    01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බ...

Archives

  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP