logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.
සිකුරාදා, 27 ජනවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

 – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

     පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දළදා මාලිගාවේ පැවති 195 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, 2018, 2019, 2020 කාල පරිච්ඡේදවල රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කර මෙම පත්වීම් ලබා දෙන අතර වයස අවුරුදු 40 නොයික්මවන සියලු ම ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි. ඒ සඳහා අන්තර්ජාල මාර්ගගත ක්‍රමය හෙවත් ‘online’ (http://applications.doenets.lk/exams)  අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබා දී ඇත. අයදුම්කරුවන්ට  තම පළාත, ආසන්න පළාත හෝ කැමති ඕනෑ ම පළාතක් වසර 5ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ පවතී. මෙහි දී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරමින් පවතින අතර බොහෝවිට මෙම විභාගය මාර්තු මාසය තුළ පැවැත්වීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

   එම විභාගයේ ලකුණු පළාත් මට්ටමින් නිකුත් කෙරෙන අතර පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත් ව අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දෙන බවත් ඉන් අනතුරු ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    එමෙන් ම මෙම පරිවාස කාල සීමාව තුළ අභ්‍යාසලාභීන් විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරමින් රට පුරා පිහිටි එම ආයතනයේ මධ්‍යස්ථාන  ඇසුරින්  න්‍යායාත්මක වූත් ප්‍රායෝගික වූත් විධිමත් ගුරු පුහුණුවක් ලබාගත යුතු බවත්  ඒ අනුව පාසල් පන්ති කාමරයට ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු යැවීම අවසන් අරමුණ බවත් අමාත්‍යවරයා පැවසී ය.

   මීට අමතර ව ලබන පෙබරවාරි මාසයේ ප්‍රතිඵල සහතික කිරීමෙන් අනතුරු ව  විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සඳහා ද ගුරුපත්වීම් ලබා දී පසුගිය වර්ෂාවසානයේ ගුරුවරුන් විශාල පිරිසක් එක වර විශ්‍රාම යෑමෙන් ඇති වූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමගින් ගුරු ස්ථාන මාරු තුලනය කිරීමටත්  අපේක්ෂා කරන බව ද  මෙහි දී තව දුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP