logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “රටේ අභිමථාර්ථයන් සාධනයෙහි ලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට වැඩ කිරීම වැදගත්”
අඟහරුවාදා, 16 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

“රටේ අභිමථාර්ථයන් සාධනයෙහි ලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට වැඩ කිරීම වැදගත්”

– අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්                                                           

අපේ රටේ අනාගත ඉලක්ක සහ අභිමතාර්ථයන් සාධනය කර ගැනීමේ ලා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව අතිශයින් ම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය. ඒ මහතා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 6.8ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වගේ ආපදා සහිත අවස්ථාවක මේ වැනි කටයුත්තකට දායක වීම සම්බන්ධව අප කෘතඥතාව ඔවුන්ට හිමි විය යුතු යි, සමස්ත දරු පරපුර වෙනුවෙන් ම. ඒවගේ ම බ්‍රැන්ඩික්ස් ආයතනය රජය සමඟ සම්බන්ධව රටේ ‘ජලය සහ අධ්‍යාපනය’ කියන අංශ දෙකෙහි සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීමට තීරණය කොට තිබීම අපි අගය කළ යුතු යි. මේක රටේ අනෙකුත් ආයතනවලට වුවත් කදිම ආදරශයක්. ‍අපේ රටේ අනාගතය වන දූ දරුවන් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දීමට කටයුතු කිරීම අප හැමගේ ම වගකීමක් වගේ ම යුතුකමක් ලෙසත් සඳහන් කරන්නට කැමතියි. මෙහි ප්‍රතිලාභීන් වන්නේ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම මෙහි අතිශය වැදගත් කොටසක් ලෙස හඳුන්වන්නට කැමතියි..” යනුවෙන් ද පැවසී ය. මෙම මුහුණු ආවරණ දිවයිනේ පාසල් 5,824ක් වෙත බෙදා හැරීමට පියවර ගැනේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, බ්‍රැන්ඩික්ස් ආයතනය නියෝජනය කරමින් අනූෂා අලස් මහත්මිය ඇතුලු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP