logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්
සඳුදා, 08 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්

ජපානයේ  ජයිකා (JICA)  ආයතනයේ අනුග්‍රහයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට අභිනවයෙන් එක්වූ  පර්යේෂණ හා පුහුණු සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්ගේ සහ ජපන් තානාපති අකිරා සුගියාමා මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (5) යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය කෘෂි විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ  දී පැවැත්විණි.

පර්යේෂණ හා පුහුණු, ගොවිපල කළමනාකරණය සහ සැකසුම් පුහුණුව සඳහා විශේෂයෙන් ඉදිකරන  ලද ගොඩනැගිලි ත්‍රිත්වයකින් මෙම කෘෂිවිද්‍යා  සංකීර්ණය සමන්විත වන අතර, මේ සඳහා ජපන් රජය රුපියල් මිලියන 22 ක (බිලියන 2.2) මූල්‍ය ආයෝජනයක් සිදු කොට ඇත.

මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කර්මාන්ත සංවර්ධනය අපේ රටේ  ඉතා වැදගත්  කටයුත්තක් බව ද, රටේ ජනගහනයෙන් බහුතරය කෘෂිකර්මය මත  යැපෙන අතර ප්‍රධාන ජීවනෝපායන මාර්ගය වන්නේ කෘෂිකර්මය බව පෙන්වා දුන් අතර මහන්සි වී වැඩ කරන ජනතාවක් වන උතුරේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට රජයෙන් යම් යම් දේ කළ යුතුව තිබෙන බවද නවීන තාක්ෂණය කෘෂිකර්මයට එකතු කිරීම ඒ අතර ප්‍රධාන අවශ්‍යතාවක් වන බව ද පෙන්වා දුන්නේ ය. සාම්ප්‍රදායික ක්‍රමවේද පමණක් කර්මාන්ත සංවර්ධනයේ දී  කාලෝචිත නොවන බවත් නව තාක්ෂණයේ සහාය ද ඊට යොදාගත යුතු බවත් අවධාරණය කළ අමාත්‍යවරයා, ජපන් රජය ඒ සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජපන් තානාපති අකිරා සුගියාමා මහතා වෙත තම කෘතවේදීත්වය පළ කරන බව ද පැවසීය .

තාක්ෂණය, පුහුණුව පර්යේෂණ හා කළමනාකරණය යන සියලු අංශ සම්බන්ධයෙන්  පූර්ණ අවධානය යොමු කරමින් ජපන් රජය විසින් මෙම කෘෂි විද්‍යා පර්යේෂණ හා පුහුණු සංකීර්ණය ලබාදී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රට තුළ ජීවන වියදම පාලනය කිරීම සඳහා කළ යුත්තේ  නිෂ්පාදන වර්ධනය කිරීම  බව ද, ගොවි මහතුන්ගෙන් පාරිභෝගිකයා වෙත නිෂ්පාදන ළඟා වන විට එයින් වැඩි වාසි ගන්නේ අතරමැදියා බවත්, අපේ රටේ  අලෙවිකරණය පිළිබඳ උග්‍ර ගැටලු   පවතින බවත් , ඒවා විසඳීමට ඉදිරිපත්වීම රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් සහ වගකීමක් වන බවත් පෙන්වා දුන්නේ ය. එමෙන්ම, රටේ අභ්‍යන්තරයෙහි පමණක් නොව, දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරය වෙත යොමු කිරීමෙන් වටිනා විදේශ විනිමය ලබාගැනීමට හැකි තත්ත්වයක් තිබෙන බව ද, ඒ සඳහා  වන ප්‍රධාන අවශ්‍යතාව වන්නේ නිෂ්පාදනවලට අගය එකතු කිරීම බවත්, රටේ ආර්ථිකය විශාල ලෙස ශක්තිමත් කිරීමට එමගින් හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

මේ සඳහා විශ්වවිද්‍යාලවලින් විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි වේ යැයි අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා, එක් එක්  විශ්වවිද්‍යාලයේ සහජ ශක්තිය හදුනාගනිමින් එකිනෙකට  ආවේණික වූ විෂයන් පිළිබඳ අවධානය යොමුකර ඒවා  සංවර්ධනය  කිරීම වඩාත් යෝග්‍ය ප්‍රතිපත්තිය ලෙස රජය හඳුනාගෙන ඇති බවද පැවසී ය. රටේ කෘෂි ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධව වියළි කලාපය ඉතා වැදගත් වන බවත්, එහිලා යාපනය විශ්වවිද්‍යාලයේ අභිනව  කෘෂිවිද්‍යා පුහුණු හා  පර්යේෂණ සංකීර්ණයට සුවිශේෂ  කාර්යභාරයක් පැවරෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන වත්මන් රජය රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ  කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පමණක් නොව ,මුළු මහත් දිවයිනටම අත්පත් කරදීමට, අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් රජය ඇප කැප වන බවත් පැවසීය .

මේ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධ්‍යාපන  අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්  ශ්‍රී සද්ගුණ රාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යාපනය  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අංගජන් රාමනාදන්, කෘෂි විද්‍යා පීඨාධිපති ආචාර්ය කේ සූරියකුමාර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP