logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “මෙරට පාසල් විෂය මාලාව පිළිබඳ වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු කර නෑ” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 15 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“මෙරට පාසල් විෂය මාලාව පිළිබඳ වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු කර නෑ” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

දැනට පවත්නා පාසල්  විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  මාතර රාහුල විද්‍යාලයේ සහ  මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

පාසල් විෂය මාලාව පමණක් නොව, මෙරට විශ්වවිද්‍යාල පාඨමාලාවන් ද නූතන රැකියා වෙළෙඳපොළ අවස්ථා සමඟ බද්ධ නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය වැනි විෂයන්හි නව දැනුම විෂයමාලා  අන්තර්ගතයට එක් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පියවර ගනු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .

වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

මෙරට පාසල් වල පවත්වාගෙන යන ආදිශිෂ්‍ය සංගම් මේ වනවිට බොහොම ශක්තිමත් බවත් ඒ සියලුදෙනාගේම අදහස්, සහය සහ සහභාගිත්වය ඇතිව මෙම විෂයමාලා නවීකරණය පිළිබඳ කටයුත්ත කෙරෙන බවත් එමෙන්ම පුරවැසියන්, ගුරුවරුන්, ආගමික නායකයන් ආදී මේ සියලු දෙනාගේ අදහස් ලබා ගැනීම සඳහා මාර්තු මාසයේ ඩිජිටල් වේදිකාවෙන් ආරම්භ කරන බවද පැවසීය.

එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසයේදී ජාතික පාසල් නගාසිටුවීමේ වැඩසටහන ද ආරම්භ කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පළමු අදියර යටතේ  ජාතික පාසල් 123 ක්ද , දෙවැනි අදියර යටතේ ජාතික පාසල් 673 ක්ද ආරම්භ කරන බව ප්‍රකාශ කළේය .

එම වැඩපිළිවෙළ සඳහා  පාසල් නිර්ණය කිරීමට  දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට පවරා ඇති බවද මේ දිනවල ක්‍රියාවට නැංවෙන අතිගරු ජනාධිපතිතුමන්ගේ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වලදී පවා තමන්ගේ ප්‍රදේශයට ජාතික පාසලක් ලබා ගැනීම බොහෝදෙනාගේ ඉල්ලීම් වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික පාසලක් බවට පත් කරන පාසල සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ සුදුසුකම් පිළිබඳවද වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය .

රාහුල විද්‍යාලයට ලබා දී තිබෙන ගොඩනැඟිලි පාසලේ ප්‍රයෝජනයට පමණක් නොව සමස්ත මාතර ප්‍රජාවගේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉඩප්‍රස්ථාව සැලසිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP